Citizen.lk
 
 

තංගල්ල කුඩාවැල්ල රාජ්‍ය බැංකුවක් කොල්ලකයි - වෙඩිතැබීමකින් ගනුදෙනුකරුවෙකුටත් තුවාල

තංගල්ල කුඩාවැල්ල රාජ්‍ය බැංකුවක් කොල්ලකයි - වෙඩිතැබීමකින් ගනුදෙනුකරුවෙකුටත් තුවාල | thanagalla
Tue 05 December 2017 12:35 pm
3,580 views

තංගල්ල කුඩාවැල්ල මහජන බැංකුවට (05) පෙරවරුවේ යතුරු
පැදියකින් පැමිණි කොල්ලකරුවන් දෙදෙනෙක් බැංකුවේ මුදල් කොල්ල
කා වෙඩි තැබීමක් ද සිදු කර දික්වැල්ල පැත්තට පලා ගොස් ඇති බව
තංගල්ල පොලිසිය කියයි.
බැංකුවට ගණු දෙනු කිරීමට පැමින සිටි ගනුදෙනු කරුවෙකුට
කොල්ලකරුවන් තැබූ වෙඩි පහරක් වැදී තංගල්ල මූලික රෝහල
වෙත ඇතුලත් කර ඇති බව ද පොලීසිය කියයි.
උදේ බැංකුවේ සේප්පුවෙන් රුපියල් ලක්ෂ 60 කට ආසන්න මුදලක්
එළියට ගෙන ඇති අතර රුපියල් ලක්ෂ 5 ක පමණ ගනු දෙනු
කිරීමෙන් පසු මෙම සිද්ධිය සිදු වී ඇති බව බැංකුවේ ප්‍රකාශකයෙක්
කිය.
මේ සම්බන්දව තංගල්ල ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී ලක්සිරි ගිතාල්
මහතාගෙන් විමසීමේ දී කියා සිටියේ කොල්ල කා ඇති මුදල් ප්‍රමානය
තවමත් නිශ්චිත වශයෙන් බැංකුව මගින් සනාථ කර නොමැති බවයි.

කොල්ල කරුවන් පලා ගිය ප්‍ර දේශ සොයා පුළුල් පරීක්ෂන සිදු කරන
බවද කීය.
මෙම බැංකුවේ ආරක්ෂක නිළධාරීයෙක්ද රාජකාරියේ සිටි බවද
සඳහන්වේ.

Latest News

You may also like

Latest Videos

Hot Video

LG polls on or before Feb 17 |  පෙබරවාරී 17 වන දින හෝ ඊට පෙර දිනයක ප්‍රාදේශිය සභා මැතිවරණය  තියනවා - මැතිවරණ කොමසාරිස්  මහින්ද දේශප්‍රිය - Video
Seylan

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News