Citizen.lk
 

සිංහ කොඩිය අරන් ඇමරිකාවට ගිය ආසියාවේ කලු සිංහයා කිරුළ දිනන සටන අරඹයි - Photos

 සිංහ කොඩිය අරන් ඇමරිකාවට ගිය ආසියාවේ කලු සිංහයා කිරුළ දිනන සටන අරඹයි - Photos  | Lucion Pushparaj american
Tue 05 December 2017 2:16 pm
7,175 views

මිස්ටර් ඇන්ඩි මිස් ඇට්ලස් ඇන්ඩ් ෆිට්නස් එක්ස්පෝ - 2017 තරගාවලිය සහභාගී වීම සඳහා නොවැම්බර් මස 26 වැනි දින ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයට ගිය ශ්‍රි ලංකා කාය වර්ධන ශූර ලූෂන් පුෂ්පරාජ් මේ වන විට පුහුණුවීම් සැසිවාරවලට සහභාගී වෙමින් සිටී. ඔහු ඉතාම හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන අතර දෙසැම්බර් 9 වැනිදා පෙ. ව. 10 ට ඔහු පළමු තරගයට සහභාගී වීමට නියමිතය.

එදිනම ඇමරිකානු වෙලාවෙන් ප. ව. 3ට ඔහු අවසන් මහා තරගයට සහභාගී වන අතර මෙය ශ්‍රී ලංකාවේ වෙලාවෙන් දෙසැම්බර් 10 වැනිදා ප.ව. 3.30ට www.gboonline.com වෙබ් අඩවිය ඔස්සේ නැරඹිය හැකි බව සඳහන් වේ.

ශ්‍රී ලංකාවේ කාය වර්ධන ක්‍රීඩකයෙකු ඇමරිකාවේ පැවැත්වෙන දැවැන්තම කායවර්ධන තරගාවලියකට සහභාගීවන ප්‍රථම අවස්ථාව මෙය වේ.

මෙම තරගාවලිය සඳහා ඇමරිකාව ඇතුළු ලොව රටවල් 8ක ලෝක පූජිත කායවර්ධන ශූරීන් සහභාගී වනු ඇත. 2017 ආසියානු සමස්ථ කායවර්ධන ශූරතාව දිනූ "ආසියාවේ කලු සිංහයා" නම් විරුදාවලිය ලත් ලූෂන් පුෂ්පරාට කායවර්ධන ශූරයකුට ජීවිතයේ ලැබෙන ඉතාම දුර්ලභ අවස්ථාවක් වන 8 වතාවක් Mr. Olympia ලෙස අභිෂේක ලත් රොනි කෝල්මන් නමැති ලෝක පූජිත කායවර්ධන ශූරයාගේ Metroflex කායවර්ධන මධ්‍යස්තානයෙහි කායවර්ධන අභ්‍යාල වල නියැලීමට අවස්තාව සැලසී ඇත.

රියෝකොකෝ ලංකා (පුද්) සමාගම හා ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ සේහින්ස් ලින්ක් ජාත්‍යන්තර සමාගමේ පූර්ණ අනුග්‍රාහක දායකත්වයෙන් ලූෂන් පුෂ්පරාජ් මෙම තරගාවලියට සහභාගී වන අතර ඇමරිකවේ ජීවත්වන ශ්‍රී ලාංකිකයන් දහස් ගණනක් දෙසැම්බර් 9 වැනි දින ඔහුව දිරි ගැන්වීමට ආලින්ටන් නගරයට පැමිණීමට සූදානමින් සිටින බව ආරංචි මාර්ග සඳහාන් කරයි.

Latest News

You may also like

Latest Videos

( 5 views)

Hot Video

  FIFA World Cup 2018 highlights  | 2018 පාපන්දු ලෝක කුසලානයේ සුවිශේෂී අවස්ථා - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News