Citizen.lk
 

ගිණිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ වර්ධනය වී ඇති අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 ඇතුලත පීඩන අවපාතයක් දක්වා වර්ධනය වන ලකුණු

ගිණිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ වර්ධනය වී ඇති අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 ඇතුලත පීඩන අවපාතයක් දක්වා වර්ධනය වන ලකුණු | wather report
Tue 05 December 2017 3:34 pm
1,741 views


දිවයිනට කි.මී. 950 පමණ දුරින් ගිණිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ වර්ධනය වී ඇති අඩු පීඩන කලාපය ඉදිරි පැය 24 ඇතුලත පීඩන අවපාතයක් දක්වා වර්ධනය වන ලකුණු ඇත. ඒ හේතුවෙන් අද සිට ඉදිරි දිනවලදී උතුරු සහ නැගෙනහිර පළාත් වල සහ විශේෂයෙන් උතුරුසහ නැගෙනහිර මුහුදු ප්‍රදේශ සුළගේ වේගය වැඩි වීමේ හැකියාවක් පවතී.

උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

සෙසු ප්‍රදේශ වල සවස 2.00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වේ.

නැගෙනහිර, උතුරු, උතුරු-මැද සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට සාමාන්‍යයෙන් තද වැසි(මි.මි. 75 පමණ) ඇතිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

උතුරු, නැගෙනහිර, ඌව, සබරගමුව සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රීක්කවලත් විටින් විට හමන (පැ.කි.මී. 50 ක්පමණ)තරමක් තද සුළං බලාපොරොත්තුවිය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශ වල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.


මේ අතර, ඉදිරි දිනවලදී විශේෂයෙන් උතුරු සහ නැගෙනහිර මුහුදු ප්‍රදේශ සුළගේ වේගය වැඩි වීමේ හැකියාවක් පවතී.

පොතුවිල් සිට ත්‍රිකුණාමලය හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

සෙසු මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල සුළං ඊසාන සිට උතුරු දෙසින් හමන අතරසුළගේවේගයපැ.කි.මී. 30-40 ක්පමණවේ.

ශ්‍රී ලංකාවට කි. මි. 200ක් ඔබ්බෙන් ඊසාන, නැගෙනහිර සහ ගිනිකොන දෙසින් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටක පැ.කි.මී. 90-100 දක්වා වැඩි විය හැකි අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැක.

පොතුවිල් සිට ත්‍රිකුණාමලය හරහා කන්කසන්තුරය දක්වා සහ කොළඹ සිට ගාල්ල හරහා මාතර දක්වා වන නොගැඹුරු මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටක පැ.කි.මී. 60-70 දක්වා වැඩි විය හැකි අතර එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැක.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශ වල විටින් විට හමන තාවකාලික ඉතා තද සුළං (පැ.කි.මී.70-80 දක්වා) සහ රළු මුහුදු ප්‍රදේශ බලාපොරොත්තු විය හැක.

Latest News

You may also like

Latest Videos

( 5 views)

Hot Video

  FIFA World Cup 2018 highlights  | 2018 පාපන්දු ලෝක කුසලානයේ සුවිශේෂී අවස්ථා - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News