Citizen.lk
 
 

නඳුන් ගමුවේ ඇත් රජුට අනතුරක් - තණකොළ ආහාරයට ගන්නා විට විදුරු කැබැල්ලක් හැපිලා - Photos

නඳුන් ගමුවේ ඇත් රජුට අනතුරක් -  තණකොළ ආහාරයට ගන්නා විට විදුරු කැබැල්ලක් හැපිලා  - Photos     | nadun gamuwe tusker acident
Tue 05 December 2017 4:41 pm
10,573 views

ශ්‍රී දළදා සමිඳුන් උදෙසා ජූජෝපාහාරයක් ලෙසින් වාර්ෂිකව පවත්වන මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයේ සාධාතුක කරඬුව වැඩමකිරීමේ භාග්‍යය හිමිවන්නේ පෙරපින් ඇති මංගල හස්තිරාජයකුටම පමණකැයි යන විශ්වාසයක් බෞද්ධ ජනතාව අතර පවතී.

මිනිසුන්ගෙන් පවා වැඳුම් පිදුම් ලබන්නට තරම් සධාතුක කරඬුව වැඩමවන හස්තිරාජයා භාග්‍යයවන්ත බැවිනි. එවන්වූ භාග්‍යවන්තකමකට හිමිකම් කියන්නේ නැඳුන්ගමුවේ රාජා ය.ඒත් රාජා මෙවර අසනීප තත්වයක් නිසා පසුගියා දා අවසන් වූ දළදා මාලිගාවේ පෙරහැරට සහභාගි නොවිණි.

නඳුන් ගමුවේ සද්දන්තයා නොසිතූ ලෙස අනතුරකට මුහුණ දී තිබේ. පසුගියදා කටාන ප්‍රදේශයේ විහාරස්ථානයක පැවති ආගමික උත්සවයක පෙරහැරකට සහභාගී වීමට යන අතරතුර මිනුවන්ගොඩ දාගොන්න ප්‍රදේශයේ රජු ගිමන් හැරීම සඳහා නතර වී තිබේ.. එම ස්ථානයේ තිබූ තණකොළ ආහාරයට ගන්නා විට විදුරු කැබැල්ලක් හැපීම නිසා ඇත් රජුගේ මුඛය තුවාල වී තිබේ . ඉන් පසු වහාම ඇත් රජුට ප්‍රතිකාර ලබා දී එම ස්ථානයෙන් පිටත් වූ බව වාර්තා වෙයි.

Latest News

You may also like

Latest Videos

Hot Video

LG polls on or before Feb 17 |  පෙබරවාරී 17 වන දින හෝ ඊට පෙර දිනයක ප්‍රාදේශිය සභා මැතිවරණය  තියනවා - මැතිවරණ කොමසාරිස්  මහින්ද දේශප්‍රිය - Video
Seylan

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News