Citizen.lk
 
 

ගෝඨාභයට එරෙහිව නිකුත් කර තිබූ අතුරු තහනම් නියෝගය තවදුරටත් දීර්ඝ කරයි

ගෝඨාභයට එරෙහිව නිකුත් කර තිබූ අතුරු තහනම් නියෝගය තවදුරටත් දීර්ඝ කරයි | gotabaya
Wed 06 December 2017 11:57 am
1,068 views

 

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව අභියාචනාධිකරණය නිකුත් කර තිබූ අතුරු තහනම් නියෝගය මේ මස 15 වනදා දක්වා යලි දීර්ඝ කර තිබෙනවා. ඒ මෙම පෙත්සම අභියාචනාධිකරණ සභාපති විනිසුරු එල්.ටී.බී. දෙහිදෙණිය සහ ශිරාන් ගුණරත්න හමුවේ අද කැදවූ අවස්ථාවේදීයි. ඒ අනුව මෙම පෙත්සම ලබන 15 වනදා විභාගයට ගැනීමටද අද දින නියම කළා.

ඞී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් කෝටි 3 ක මුදලක් අවභාවිත කළ බවට පොදු දේපළ පනත යටතේ එවකට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් පරික්ෂණ සිදු කරනවා.

එම පරීක්ෂණ ඉදිරියට පවත්වාගෙන යාම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා පසුගිය 28 වනදා අභියාචනාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කරනු ලැබුවා.

එය ඊට පසුදින සලකා බැලූණු අතර ඒ අනුව අද දක්වා බලපැවැත්වෙන පරිදි පොදු දේපළ පනත යටතේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව නීතිමය පියවර ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.

Latest News

You may also like

Latest Videos

Hot Video

LG polls on or before Feb 17 |  පෙබරවාරී 17 වන දින හෝ ඊට පෙර දිනයක ප්‍රාදේශිය සභා මැතිවරණය  තියනවා - මැතිවරණ කොමසාරිස්  මහින්ද දේශප්‍රිය - Video
Seylan

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News