Citizen.lk
 
 

ජාතික ගීය ගායනා කරද්දි වැස්සක් ඇවිත් හැමෝම හට් එක ඇතුළට ගිහින් හට් එකට යන්න ඉඩ නැති නිසා මහ වැස්සෙ තෙමි තෙමී සීරුවෙන් සිටිය මුස්ලිම් ජාතික කාන්තාව -Photos

ජාතික ගීය ගායනා කරද්දි  වැස්සක් ඇවිත් හැමෝම හට් එක ඇතුළට ගිහින් හට් එකට යන්න ඉඩ නැති නිසා මහ වැස්සෙ තෙමි තෙමී සීරුවෙන් සිටිය මුස්ලිම් ජාතික කාන්තාව -Photos  | national anthem Glory muslim women amazing
Thu 07 December 2017 9:28 am
5,061 views

අපි හැමෝම ආදරය කරන අපේ පුංචි රටේ ජාතික ගීතය ඇසුන විට කොතැනක සිටියත් සීරුවෙන් සිට අපේ මිනිසුන් එයට ගෞරවය කරනවා. ඇතැම් අවස්ථා වල ජාතීක ගීතය ගායනා කරන විට ගෞරවය නොකරද මිනිසුන් සිටිනවා. එවැන් මිනිසුන්ද සිටින රටක කුරුණෑගල ප්‍රදේශයෙන් අපූරු සිදුවීමක් වාර්තා වෙනවා.

කුරුණෑගල පාසලක ගුරු පත්වීම් ප්‍රධාන උත්සවයක ජාතික ගීතය නාදය කරන අවස්ථාවේදී  හදිසියේ වර්ෂාවක් ඇතිව තිබෙනවා. වර්ෂාව පතිත වන විට එළි මහනේ රැදී සිටිය මිනිසුන් හට් එක තුළට යද්දි වර්ෂාවට තෙමි තෙමී ජාතික ගීතයට ගෞරවය කරපු මුස්ලිම් කාන්තාවක් පිළිබඳව මෙසේ සටහන් කර තිබුනා...

" නම නොදන්නවා වුනත්, මම නුඹට ආදරෙයි ..!

මේක උනේ ඊයේ හවස 4.10 විතර.ඊයේ කුරුණෑගල රාජකීය විද්‍යාලයේ පැවතී ගුරු පත්වීම් ප්‍රධානෝත්සවයට මගේ බිරිඳත් සුදසුකම් ලබලා තිබුන නිසා මාත් ගියා. පත්වීම් ගන්න අයට ශාලාවේ ඇතුලෙත් ගෙවල් වලින් ආපු අයට එළියේ පොඩි හට්‌ එකකුත් තිබ්බා.උත්සවය පටන් ගන්නකොටම ඉඩ මදි නිසා මම වගේම ගොඩක් මිනිස්සු එළියේ ඉන්නකොට ජාතික ගීය වාදනය කරන්න පටන් ගත්තා. ඔක්කොම සීරුවෙන්.එකපාරටම මහා වැස්සක් ආවා. සෙට් එකක් හෝල් එක ඇතුලට පැන්නා (මමත් එක්කම). අනිත් අය එළියේ පොඩි හට්‌ එකට පැන්නා.ආයෙමත් මම සීරුවෙන් ඉන්න හදනකොට තමයි මේක දැක්කේ.

සිංහලෙන් යන ජාතික ගීයට ඇය වැස්සේ තෙමි තෙමී සීරුවෙන් ඉන්නවා...

(ෆොටෝ එක ගත්තෙත් මම. වීඩියෝ කරේ නැත්තේ හරි මදි නිසා.අහන් නැතිව ෆොටෝ එක දැම්මට සොරි.)

 

උපුටා ගැනීම  - රොහාන් සේනාධීර 

 

Latest News

You may also like

Latest Videos

Hot Video

LG polls on or before Feb 17 |  පෙබරවාරී 17 වන දින හෝ ඊට පෙර දිනයක ප්‍රාදේශිය සභා මැතිවරණය  තියනවා - මැතිවරණ කොමසාරිස්  මහින්ද දේශප්‍රිය - Video
Seylan

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News