Citizen.lk
 
 

වෙබ් රේඩියෝ කලාවේ රන් සලකුණ "රේඩියෝ රන් ලංකා" පළමු සංවත්සරය සමරයි !

වෙබ් රේඩියෝ කලාවේ රන් සලකුණ
Thu 07 December 2017 12:43 pm
4,204 views

 

විදේශගතවී සිටින ශ්‍රී ලාංකිකයන්ගේ රසවින්දනය අරමුණු කරමින් ආරම්භ කරනු ලැබූ රේඩියෝ රන් ලංකා අන්තර්ජාල ගුවන්විදුලි සේවය මේ මස 11 වැනිදා සිය පළමු සංවත්සරය සමරනවා.

වෙබ් රේඩියෝ කලාවේ නවමු රන් සලකුණකට මග පෑදු රේඩියෝ රන් ලංකා හි අධිපතිනිය වන ප්‍රවීණ මාධ්‍යවේදිනී රාජිනී ජාලියගොඩ මහත්මිය පළමුවන සංවත්සරය වෙනුවෙන් අදහස් දක්වමින් අප සමග මෙසේ කියා සිටියා.

"රෙඩියෝ රන්ලංකා වෙබ් ගුවන්විදුලිය වසරක් සම්පූර්ණ කරන මේ මොහොතේ අප සමග එක්ව සිටින ආදරනීය දෙස් විදෙස් ශ්‍රී ලාංකික අසන්නන් සැමට සහ සැමදා අප සමග සිටි අපගේ ආදරනීය මාධ්‍ය සහොදරත්වයට ශීර්ෂ ප්‍රණාමය පුදකර සිටිනවා. හුදෙක් විනෝදාස්වාදය හෝ පූර්ණ ආර්ථික ප්‍රතිලාබ උදෙසා පමණක් රේඩියෝ රන්ලංකා ආරම්භ නොකෙරුනු බව ශ්‍රාවක ඔබ වටහා ගෙන ඇතැයි සිතමි. භාවිත භාෂාව නොව නිවැරදි සිංහල භාෂාව භාවිත කරන්නට අපි ප්‍රයත්න දරන්නෙමු. ලොව වටා සිටින අප නියොජිතවරුන් ශ්‍රී ලාංකීය හඩ රකින්නටත් ලොවට දැනුම බෙදන්නටත් කැපවී සිටියි. අපහසුම දේ පහසුවෙන් කරන්නේ කෙසෙදැයි ඔබේ කුතුහලයෙන් මිදෙන්නට මොහොතක් රන්ලංකා අසන්නැයි ඔබටත් ආරධනා කරමි.."

24පැය පුරාම ලොව කොතනක සිටියත් දේශීය රසය, තමන්ගේ යැයි හැඟෙන ඒ සුන්දර හැඟීම සමඟින් මියුරු ගී රස විඳින්න රේඩියෝ රන් ලංකා පහත Link එකෙන් අසන්න.

http://radioranlanka.lk/

Citizen.lk අපි රේඩියෝ රන් ලංකා පළමු සංවත්සරයට උණසුම් සුබ පැතුම් එක්කරන්නේ මෙලෙසින්.

වැඩසටහන් පෙළ ගැස්ම පහතින්...

 

Latest News

You may also like

Latest Videos

Hot Video

LG polls on or before Feb 17 |  පෙබරවාරී 17 වන දින හෝ ඊට පෙර දිනයක ප්‍රාදේශිය සභා මැතිවරණය  තියනවා - මැතිවරණ කොමසාරිස්  මහින්ද දේශප්‍රිය - Video
Seylan

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News