Citizen.lk
 

පාකිස්තානයේ මොතෝදිස්ත පල්ලියක් ඉලක්ක කර මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයක් - පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට

පාකිස්තානයේ මොතෝදිස්ත පල්ලියක් ඉලක්ක කර  මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයක් - පුද්ගලයින් 5 දෙනෙකු ජීවිතක්ෂයට | Deadly attack on Methodist church in Pakistan
Sun 17 December 2017 5:31 pm
691 views

පාකිස්තානයේ මොතෝදිස්ත පල්ලියක් ඉලක්ක කරමින් එල්ල වූ මරාගෙන මැරෙන ජිහාඩ් ත්‍රස්ත ප්‍රහාරයක් හේතුවෙන් පුද්ගලයන් 5 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් පිරිසක් තුවාල ලබා තිබේ.

ඇෆ්ගනිස්තාන දේශසීමාවට කිලෝ මීටර් 65ක් පමණ ඔබ්බෙන් පිහිටි ක්වෙට්ටා නගරයේ මෙතෝදිස්ත පල්ලියක් මෙම ප්‍රහාරයේ ඉලක්කය වී ඇති අතර, මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් මෙන්ම, වෙඩි ප්‍රහාරයක්ද එහිදී එල්ල වී ඇති බව විදෙස් වාර්තා පවසයි.

එහිදී, මරාගෙන මැරෙන බෝම්බ කට්ටලවලින් සැරසී සිටි සෙසු ඝාතකයන් දෙදෙනෙකුට පල්ලිය තුළට ඇතුළු වීමට අවස්ථාවක් ලැබී නොමැති අතර, ඔවුන් දෙදෙනාද ඇතුළට පැමිණියේ නම් මනුෂ්‍ය ජීවිත සිය ගණනක් අහිමි වීමේ හැකියාවක් තිබූ බව පළාතේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා පවසයි.

කෙසේ වෙතත්, එක් මරාගෙන මැරෙන බෝම්බකරුවෙකු තමාගේ බෝම්බය පුපුරාගෙන ඇති අතර, සෙසු පිරිස පොලීසිය සමග වෙඩි හුවමාරු කරගෙන තිබේ.

පාකිස්තානයේ සුන්නි මුස්ලිම් කලාපවලදී ෂියා මුස්ලිම්වරුන් ඉලක්ක කරමින් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල වීම සුලභ කරුණක් වන අතර, මේ ආකාරයෙන් සුළුතර කතෝලික ප්‍රජාව ඉලක්ක කර ප්‍රහාර එල්ල වීමද වරින් වර වාර්තා වෙයි. මෙම ප්‍රහාරකයන් බොහෝවිට ඇෆ්ගනිස්ථානයෙන් පැමිණි ජිහාඩ් අන්තවාදී ත්‍රස්ත කණ්ඩායම් බවට පිළිගැනීමක් පවතී.

Latest News

You may also like

Latest Videos

( 4 views)

Hot Video

  FIFA World Cup 2018 highlights  | 2018 පාපන්දු ලෝක කුසලානයේ සුවිශේෂී අවස්ථා - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News