Citizen.lk
 

බ්‍රවුන්ස් සමාගමට තවත් ඉහළ පෙළේ සම්මානයක්

බ්‍රවුන්ස් සමාගමට තවත් ඉහළ පෙළේ සම්මානයක් | Browns Seizes another Top Award
Fri 22 December 2017 4:57 pm
2,009 views

ශ‍්‍රී ලංකා වරලත් ගණකාධිකාරී වරුන්ගේ සංගමය (Institute of Chartered Accountants of Sri Lanka- ICASL) විසින් සංවිධානය කරන ලද 53 වැනි වාර්ෂික වාර්තා සම්මාන උළෙලේදී වෙළඳ සමාගම් කාණ්ඩය (Trading companies) යටතේ රිදී සම්මානයකින් පිදුම් ලැබීමට බ‍්‍රවුන්ස් සහ සමාගම (Trading companies) පසුගියදා සමත් විය. මෙම සම්මාන උළෙල පසුගිය දෙසැම්බර් 05 වන දින කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී පැවැත්විණි. ශ‍්‍රී ලංකාවේ වාර්ෂික වාර්තා ඇගයීමට ලක්කරන ප‍්‍රමුඛතම සම්මාන උළෙල වන මෙය, මෙරට මූල්‍ය වාර්තාකරණය ජාත්‍යන්තර මට්ටමට වැඩිදියුණු කිරීම සඳහා විශාල කාර්යභාරයක් ඉටුකර තිබේ. වසර ගණනාවක් තිස්සේ මෙම සම්මාන උළෙලේදී විවිධ සම්මාන රැසකින් පිදුම් ලැබීමට බ‍්‍රවුන්ස් සහ සමාගම සමත් වී ඇත.

ශ‍්‍රී ලංකාවේ වෘත්තීය ගිණුම්කරණය සම්බන්ධ ජාතික ආයතනය වන ශ‍්‍රී ලංකා වරලත් ගණකාධිකාරී වරුන්ගේ සංගමය මෙරට ගිණුම්කරණ සහ විගණන ප‍්‍රමිතීන් සම්බන්ධයෙන් බලය හිමි එකම ආයතනයද වේ. 1959 අංක 23 දරන පාර්ලිමේන්තු පනත මගින් ස්ථාපිත කරන ලද එය රටේ ගිණුම්කරණය, විගණනය මෙන්ම මූල්‍ය වාර්තාකරණය සංවර්ධිත රටවල මට්ටමට ඔසවා තැබීම සඳහා කේන්ද්‍රීය කාර්යභාරයක් ඉෂ්ට කර ඇත.

මෙවර වාර්ෂික වාර්තා සම්මාන උළෙලේ මූලික තේමාව වූයේ 'Quintessence of Eminence' යන්න ය. විනිවිදභාවය, ආයතනික යහපාලනය සහ සමාජය කෙරෙහි වගකීම්සහගත ලෙස කටයුතු කිරීම යන මූලිකාංග ආරක්ෂා කරගනිමින් සාම්ප‍්‍රදායික වාර්තාකරණයේ සීමා මායිම් අභිභවා යාමේ වැදගත්කම මෙහිදී අවධාරණය කෙරිණි.

තම ආර්ථික, සමාජයීය හා පාරිසරික ක‍්‍රියාකාරීත්වය අනාවරණය කිරීම සඳහා ජාත්‍යන්තරව පිළිගත් 'Global Reporting Initiative (GRI) G4' මාර්ගෝපදේශ අනුගමනය කරමින් බ‍්‍රවුන්ස් සමාගම ප‍්‍රකාශයට පත්කළ දෙවැනි ඒකාබද්ධ වාර්ෂික වාර්තාව :ෂබඑැටර්එැා රුචදරඑ* මෙය වේ.

‘‘ශ‍්‍රී ලංකා වරලත් ගණකාධිකාරී වරුන්ගේ සංගමය සංවිධානය කළ 53 වැනි වාර්ෂික වාර්තා සම්මාන උළෙලේදී ඉතාමත් තරගකාරී කාණ්ඩයක් වූ වෙළඳ සමාගම් කාණ්ඩය තුළ රිදී සම්මානය දිනාගැනීමට හැකිවීම අපට විශාල සතුටක්. ජාත්‍යන්තර තලයේ වාර්තාකරණ ක‍්‍රමවේද භාවිතා කිරීමට මෙරට සමාගම් යොමුකරවීමට මෙම සම්මාන උළෙල මගින් විශාල කාර්යභාරයක් ඉටුවී තිබෙනවා. අද වනවිට ශ‍්‍රී ලංකාවේ වාර්ෂික වාර්තා, ජාත්‍යන්තර සමාගම් වල වාර්තා වලට සමාන මට්ටමක පවතින්නේ ඒ නිසයි. බ‍්‍රවුන්ස් සහ සමාගමේ වාර්ෂික වාර්තාව, අපගේ ආයතනික යහපාලන මට්ටම සහ ව්‍යාපාරික හවුල්කරුවන් වෙතින් ලැබෙන දායකත්වය මැනැවින් නිරූපණය කරන වාර්තාවක් ලෙස හැඳින්වීමට පුළුවන්. මෙවැනි සම්මානනීය මට්ටමකින් එම වාර්තාව ප‍්‍රකාශයට පත්කිරීම සඳහා වෙහෙස මහන්සි වූ සියලූම දෙනාට අපගේ ස්තූතිය හිමිවිය යුතුයි.” බ‍්‍රවුන්ස් සමූහ ව්‍යාපාරයේ ප‍්‍රධාන මූල්‍ය නිලධාරී තමෝතරම්පිල්ලෙයි සනකන් මහතා පැවසී ය.

Latest News

You may also like

Latest Videos

Hot Video

Johnston claims officials remanded | රිමාන්ඩ් එකට ගත්තු නිලධාරීන්  රැඳවියන් ඉදිරිපිට මාව නිරුවත් කරා - ජොන්ස්ටන් I Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News