Citizen.lk
 

සචින් තෙන්දුල්කාර්ගේ සුරූපී දියණියට දුරකථන ඇමතුම් ගෙන අයුතු විවාහ යොජනා කළ තරුණයෙක්ට වැඩ වරදී - Photos

සචින් තෙන්දුල්කාර්ගේ සුරූපී දියණියට දුරකථන ඇමතුම් ගෙන අයුතු විවාහ යොජනා කළ තරුණයෙක්ට වැඩ වරදී - Photos  | Man from Bengal arrested for stalking Sachin Tendulkar's daughter
Tue 09 January 2018 12:47 pm
1,421 views

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායකයකු වන සචින් තෙන්දුල්කාර්ගේ පැමිණිල්ලකට අනුව ඔහුගේ දියණිය (සාරා තෙන්දුල්කාර්) හට අයුතු බලපෑම් සිදුකළ බවට චෝදනා ලැබූ 32 හැවිරිදි පුද්ගලයකු එරට පොලිස් අත්අඩංගුවට ගෙන ඇතැයි විදෙස් ආරංචි මාර්ග සඳහන් කරයි.

ඩෙබ්කුමාර් මයිට්ටි නම් මෙම පුද්ගලයා බටහිර බෙංගාල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර මොහු තෙන්දුල්කාර්ගේ නිවෙසට නොකඩවා දුරකතන ඇමතුම් ලබාදී ඔහුගේ දියණියට විවාහ යෝජනා සහ පැහැර ගන්නා බවට තර්ජනයන් සිදු කර ඇතැයි වාර්තා වේ.

වරදකරු වූ එම පුද්ගලයා ප්‍රථම වරට රූපවාහිනිය ඔස්සේ තෙන්දුල්කාර්ගේ දියණියව දැක ඇති බවත් එම මොහොතේ පටන් ඇයව විවාහ කරගැනීමට අවශ්‍ය වූ බවත්, ඒ පිළිබඳ ඇයට දැන්වීම සඳහා ඇයගේ නිවෙසේ දුරකතනයට ඇමැතුම් ලබා දුන් බවත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදී ප්‍රකාශ කර ඇත.

කෙසේ වෙතත් මොහුගේ පවුලේ සාමාජිකයන් පවසන පරිදි මෙම පුද්ගලයා මානසික ආබාධයකින් පෙළෙන බව මෙන්ම වසර 8ක් මුළුල්ලේ මොහුට ඒ සඳහා ප්‍රතිකාර ලබා දෙන බවද පවසා ඇත.

Latest News

You may also like

Latest Videos

( 4 views)

Hot Video

  FIFA World Cup 2018 highlights  | 2018 පාපන්දු ලෝක කුසලානයේ සුවිශේෂී අවස්ථා - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News