Citizen.lk
 

දෙමව්පියන් වයසට යෑම ඔහුන්ගේ වරදක් ද? අමානුෂික වද විඳිනනේ, ඇයත් දරුවන් හැදූ මවක් වීම කනගාටුවට කාරණයකි

දෙමව්පියන් වයසට යෑම ඔහුන්ගේ වරදක් ද? අමානුෂික වද විඳිනනේ, ඇයත් දරුවන් හැදූ මවක් වීම කනගාටුවට කාරණයකි | amma
Wed 10 January 2018 9:24 am
5,138 views

 


අඳුරු කාමරයක් තුළ ආහාරපාන පවා නිසි ලෙස නොදී සිරකර සිටි බව කියන අනූහය හැවිරිදි සය දරු මවක මහනුවර පොලීසියේ කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරින් කණ්ඩායමක් සොයා ගෙන තිබෙනවා.

කටුගස්තොට යටියාවල අන්තෝනි වත්තේ නිවසක සිරකර සිටි මෙම මහලු මවගේ එක් දියණියක ඇයට මෙලෙස අමානුෂික ලෙස සලකමින් නිවසේ සිරකර තබාගෙන සිට ඇති බව පොලිසිය පවසයි.

මළ මූත්‍රා පහ කිරීමෙන් පසු මාස ගණනාවක් ඒවා පවිත්‍ර නොකිරීම හේතුවෙන් මහලු මව සිටි කාමරයේ ඇඳමත හා ඇගේ ශරීරය පුරා පණුවන් සිට ඇති බවත්, නිවසේ වසා දමා තිබූ අඳුරු කාමරයක සිටි මව පොලිස් නිලධාරීන් දුටුවිට අතින් සංඥා කරමින් ආහාර ඉල්ලූ බවත් පොලිසිය කියයි.

පිරිමි දරුවන් තිදෙනකු හා ගැහැණු දරුවන් තිදෙනකු මෙම මවට සිටින අතර එක් ගැහැණු දරුවෙකු ඇගේ නිවසේ මව රඳවා තබා ගනිමින් සෙසු සහෝදරයින්ට ඇයට සැලකීමට හෝ අවස්ථාව නොදී ඇති බව පොලිස් පරීක්ෂණ මගින් තහවුරු කරගෙන ඇත. මෙම කාන්තාව ඇගේ මවට යම් ආහාරයක් ලබා දීමට ප්‍රදේශවාසීන්ට පවා ඉඩ ලබාදී නොමැති බව පොලීසිය සඳහන් කළා.

තම සහෝදරියක විසින් සෙසු සහෝදර සහෝදරියන්ටද සැලකීමට අවස්ථාවක් නොදී මව සිරකර තබාගෙන සිටින බවට මවගේ පුතෙකු මධ්‍යම පළාත් නියෝජ්‍යය පොලිස්පති මහින්ද ඒකනායක මහතාට කළ පැමිණිල්ලකින් පසු ඒ මහතා මහනුවර පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශයට කළ දැනුම් දීමකින් පසු පොලීසිය අදාළ නිවස සෝදිසි කිරීමකට ලක්කර ඇත.

Latest News

You may also like

Latest Videos

Hot Video

Johnston claims officials remanded | රිමාන්ඩ් එකට ගත්තු නිලධාරීන්  රැඳවියන් ඉදිරිපිට මාව නිරුවත් කරා - ජොන්ස්ටන් I Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News