Citizen.lk
 

දෙවුන්දර මුහුදේ හම්බන්තොට වරායට වාහන රැගෙන එන නැවක ධීවර යාත්‍රාවක් ගැටෙයි - දෙදෙනෙක් මිය ගිහින් පිරිසක් අතුරුදහන්

දෙවුන්දර මුහුදේ හම්බන්තොට වරායට වාහන රැගෙන එන නැවක ධීවර යාත්‍රාවක් ගැටෙයි - දෙදෙනෙක් මිය ගිහින් පිරිසක් අතුරුදහන් | dewundara
Wed 10 January 2018 10:20 am
3,807 views

 


දෙවුන්දර මුහුදේ සිදුවූ අනතුරකින් ධීවරයන් දෙදෙනෙක් මියගොස් දෙදෙනක් අතුරුදන් වී තිදෙනෙක් තුවාල ලබා ඇතැයි වාර්ථා වෙනවා.

දෙවුන්දර සිට නාවික සැතපුම් 13ක් ඈතින් පිහිටි මුහුදු සීමාවේදී මෙසේ අනතුරට පත්වී ඇත්තේ වාහන රැගෙන හම්බන්තොට වරායට පැමිණෙමින් තිබු නැවක ගැටුණු බහු දින ධීවර යාත්‍රාවක් වූ නදීක 2 නමැති බහුදින යාත්‍රාවක්.
අතුරුදහන් ධීවරයන් සොයාගැනීම සඳහා ඩෝරා යාත‍්‍රා දෙකක් යොදවා තිබෙනවා.
අනතුරට පත් බහුදින යාත‍්‍රාව ඉකුත් 05 වනදා හික්කඩුව ධීවර වරායෙන් මුහුදු ගොස් තිබෙනවා.

මියගිය ධීවරයන් සහ තුවාල ලැබූ ධීවරයන් ගාල්ල ධීවර වරායට රැගෙන ඒමට නියමිතයි.

Latest News

You may also like

Latest Videos

Hot Video

Schoolgirl, allegedly afflicted with stigmatized disease, offered national school | බොරු HIV බියක් නිසා පාසැල අහිමි වූ දැරියට ජාතික පාසලක් හිමිවෙයි

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News