Citizen.lk
 

අග්‍රාමාත්‍යවරයාගේ විශේෂ ප්‍රකාශයත් සමග පොහොට්ටුව සභාඝර්භයේ මැදට - අගමැතිගේ ආරක්ෂාවට UNP මන්ත්‍රීවරු වටවෙයි - video

අග්‍රාමාත්‍යවරයාගේ විශේෂ ප්‍රකාශයත් සමග පොහොට්ටුව සභාඝර්භයේ මැදට - අගමැතිගේ ආරක්ෂාවට UNP මන්ත්‍රීවරු වටවෙයි - video | parliment
Wed 10 January 2018 11:41 am
3,910 views

 

අග්‍රාමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමත් සමඟ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු පාර්ලිමේන්තු සභාව මධ්‍යට පැමිණ විරෝධය පළකර තිබෙනවා.

ඇති වූ එම උණසුම්කාරී තත්වය හේතුවෙන් විශේෂ පක්ෂ නායක රැස්වීමක් සඳහා පාර්ලිමේන්තුව තාවකාලිකව කල් තැබීමට කථානායකවරයා පියවර ගත්තා.

නොසන්සුන්කාරී ලෙස හැසිරුණු අතර පක්ෂ විපක්ෂ දෙපිරිස අතර ගුටිබැට හුවමාරුවක් ද සිදු වී තිබෙනවා.

ඒකාබද්ධ විපක්ෂයේ ගාමිණී ලොකුගේ හා ආණ්ඩු පක්ෂයේ එස්.එම්.මරික්කාර් යන මන්ත්‍රීවරුන් දෙදෙනා අතර ගැටුමක් ඇතිවූ අතර ඊට අනෙක් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ද මැදිහත්වීම හේතුවෙන් පාර්ලිමේන්තු සභා ගැබ එකම ගාලගෝට්ටියක් බවට පත්විය.

ගැටුම අතරතුර එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී කාවිංග ජයවර්ධන මහතාට ක්ලාන්තය ඇතිවීම හේතුවෙන් ඔහු වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කෙරිණි.

මේ අතර විනාඩි 10කට පාර්ලිමේන්තුව කල් තැබීමෙන් පසු මීට සුළු මොහොතකට පෙර යළි පාර්ලිමේන්තුවේ කටයුතු ආරම්භ විය.

 

 

 

Latest News

You may also like

Latest Videos

Hot Video

P.M. Ranil Wickramasinghe Speaks About Bond Scam | බැදුම්කරය ගැන අගමැතිගෙත් අලුත් කතාවක්

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News