Citizen.lk
 

කාන්තාවන්ට මෙතෙක් පැවති තහනම් කිහිපයක් අමාත්‍ය මංගල සමරවීර ඉවත් කරයි

කාන්තාවන්ට මෙතෙක් පැවති තහනම් කිහිපයක් අමාත්‍ය මංගල සමරවීර ඉවත් කරයි | women in bar
Wed 10 January 2018 5:55 pm
5,500 views

ස්කාගාරවලින් සහ මත්පැන් අලෙවි කරන ස්ථානවල මත්පැන් අලෙවි කිරීමට, මිලට ගැනීමට සහ ඒවායේ සේවය කිරීමට කාන්තාවන්ට පැවති තහනම ඉවත් කර තිබෙනවා.

මෙම තහනම ඉවත්වන්නේ වයස අවුරුදු 18 ට වැඩි කාන්තාවන් සඳහා පමණයි. මීට අදාල ගැසට් පත්‍රයට අද දිනයේදි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා අත්සන් තැබු බවයි මුදල් අමාත්‍යාංශය සඳහන් කළේ.

මීට පෙර කාන්තාවන්ට මත්පැන් මිළදී ගැනීම, ස්කාගාරවල සේවය කිරීම හෝ මත්පැන් අලෙවි කරන ස්ථානවල සේවය කිරීමට ද තහනම් කර තිබුනා.

ඒ අනුව මෙම ගැසට් නිවේදනය බලාත්මක වීමෙන් පසු එම තහනම ඉවත් වනු ඇති.

Latest News

You may also like

Latest Videos

Hot Video

Schoolgirl, allegedly afflicted with stigmatized disease, offered national school | බොරු HIV බියක් නිසා පාසැල අහිමි වූ දැරියට ජාතික පාසලක් හිමිවෙයි

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News