Citizen.lk
 

ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් කම්පාවෙයි

 ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් කම්පාවෙයි | uruwarige wannila
Thu 11 January 2018 9:39 am
8,418 views

 

මනුෂ්‍ය ඝාතනවලට වරදකරුවන්වන පුද්ගලයින්ට ලබා දෙන දඬුවමටත් වඩා වැඩි දඬුවමක් අලි ඇතුන් ඝාතනය කරන පුද්ගලයින්ට ලබා දිය යුතු බව ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලඇත්තන් පවසනවා.

දඹානේ පැවැති මාධ්‍ය හමුවකට එක් වූ වැදි නායකයා වැඩිදුරටත් පවසා සිටියේ වනාන්තරය සශ්‍රීක කරමින්, වනාන්තරයට වටිනාකමක් ලබා දෙමින් ජීවත්වන අලි ඇතුන් වනාන්තරයේ රජුන් ලෙස හැඳින්විය හැකි බවයි.

දළ ඇතෙකු නොව අලියෙකු පවා මරා දැමීමක් පිළිබඳව අතීතයේ අසන්නට ලැබුණේ කලාතුරකින් වුවත් වර්තමානය වන විට නිරන්තරයෙන් ඇතුන් ඝාතන වාර්තා වීම පිළිබඳව තමා දැඩි සිත් වේදනාවට පත්ව සිටින බවද වන්නිලඇත්තන් පැවසුවා.

මෙය මහා ව්‍යසනයක් බවත් ඇතුන් ඝාතනය වැලැක්වීමට ඉහළ සිටම දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීම අත්‍යාවශ්‍ය බවත් වැදිනායකයා අවධාරණය කළා.

 

හඬ පටය පහතින්...

Latest News

You may also like

Latest Videos

Hot Video

P.M. Ranil Wickramasinghe Speaks About Bond Scam | බැදුම්කරය ගැන අගමැතිගෙත් අලුත් කතාවක්

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News