Citizen.lk
 

 ඒ-9  මාර්ගයේ අද අළුයම සිදු වු අනතුර - Photos

 ඒ-9  මාර්ගයේ අද අළුයම සිදු වු අනතුර - Photos | jaffna accident
Fri 12 January 2018 9:41 am
5,449 views

යාපනය මහනුවර ඒ-9 මාර්ගයේ ඉරණමඩු ප්‍රදේශයේදී 12 දා අළුයම සිදුවූ රිය අනතුරකින් එක් පුද්ගලයෙකු මරුමුවට පත් වී තවත් අයෙකු තුවාල ලබා තිබෙනවා.

මෙම අනතුර සිදුව ඇත්තේ ලොරියක් ටිපර් රථයක ගැටීම හේතුවෙනි.
භාණ්ඩ පටවා ගෙන ගිය ලොරිය ටිපර් රථයේ ගැටීමෙන් පසුව රියදුරුට ලොරිය පාලනය කරගැනීමට නොහැකිව ලොරිය පාරෙන් ඉවතට පැන තිබේ.

ලොරිය ඇලකට පෙරලීමට ගිය අවස්ථාවේදී ඊට මුක්කු ගසා ලොරිය ඇලට පෙරළීම වළක්වාගෙන තිබේ. මෙම අනතුරෙන් මරුමුවට පත් වී ඇත්තේ ටිපර් රථයේ රියදුරා වන අතර තුවාල ලබා ඇත්තේද ටිපර් රථයේ සහායකයාය.

කිලිනොච්චිය පොලීසිය සිද්දිය පිළිබදව පරීක්ෂණ පවත්වාගෙන පවත්වාගෙන යයි.

 

Latest News

You may also like

Latest Videos

Hot Video

President Maithrepala Sirisena Speaks About 100 Days Program | දින 100 හැදුවේ කවුද කියලවත් මම දන්නෑ - ජනපතිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News