Citizen.lk
 

ගැබ්බර මුව දෙනක් ඝාතනය කල නරුමයන් ආයුධ සමග පොලිස් දැලේ

 ගැබ්බර මුව දෙනක් ඝාතනය කල නරුමයන් ආයුධ සමග පොලිස් දැලේ | thabbowa
Fri 12 January 2018 2:00 pm
4,535 views

 

තබ්බෝව රක්ෂිතයේ වෙඩි තබා ඝාතනය කල බවට සැක කෙරෙන ගැබ්බර මුව දෙනක් සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු කරුවලගස්වැව වන ජීවී කාර්යාලයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ගැබ්බර මුව දෙනක් ඝාතනය කර ඊයේ (11) රාත්‍රීයේ කරුවලගස්වැව තබ්බෝව වැව් තාවුල්ලේදී යතුරු පැදියකින් රැගෙන යමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු සහ ඔවුන්ට සහාය වෙමින් තවත් යතුරු පැදියකින් ගමන් කරමින් සිටි සැකකරුවෙකුයි මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ.

සැකකරුවන් කරුවලගස්වැව 8 කණුවප්‍රදේශයේ පදිංචි අවුරුදු 22ත් 25ත් අතර පසුවන්නන් වෙනවා.

මුව දෙනට වෙඩි තැබීම සදහා යොදා ගත් බෝර 12 ගිනි අවියද නිලධාරීන් බාරයට ගෙන ඇති අතර, ඝාතනය කර ඇති මුව දෙන කිලෝ ග්‍රෑම් 50ක පමණ බරකින් යුක්ත බවයි වන ජීවී නිලධාරීන් කියා සිටියේ.

තබ්බෝව රක්ෂිතයේ දී වෙඩි තැබීම සිදු කරන්නට ඇති බවටයි සැක කෙරෙන්නේ.


වනසත්ව හා රුක්ෂලතා ආඥා පනතේ 30 වගන්තිය(1)උප (ඈ) යටතේ අද දිනයේදී අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව කරුවලගස්වැව වනජීවී අඩවි ආරක්ෂ නිළධාරී එම් ඥානරත්න මහතා පැවසීය.

 

Latest News

You may also like

Latest Videos

Hot Video

Lasith Malinga Speech Before Asia Cup Trophy  | ගල් උඩත් ගස් පැලවෙනවා, හැබැයි ටිකක් කල් යනවා - මාලිංග

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News