Citizen.lk
 

විනාශ කරපු කෝටි දහස් ගණනක් ගන්න ජනාධිපති මිශන් 02 අරඹයි

විනාශ කරපු කෝටි දහස් ගණනක් ගන්න ජනාධිපති මිශන් 02 අරඹයි | janapathi alpitiya
Thu 18 January 2018 10:06 am
4,537 views



හොරුන්ව හිරේ යවන්න අපේ සල්ලි විනාශ කරපු කෝටි දහස් ගණනක් හොරුන්ගෙන් අපහු ගන්න මම අද ඔපරේෂන් ටු ක්‍රියාත්මක කරලයි ආවේ‘‘ යැයි ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඊයේ (17) ඇල්පිටිය නගරයේ පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධාන රැලිය අමතමින් සඳහන් කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනපති තුමා,

‘‘පසුගිය කාලය තුල මේ රටේ ඉතිහාසයේ සිදුවෙච්ච ලොකුම මංකොල්ලය මහ බැංකු මංකොල්ලයයි. ඒ මංකොල්ලය සොයන්න තමයි මං ජනාධිපති කොමිසමක් පත්කළේ. ඒ ජනාධිපති කොමිසම පත්කරන කොට අද අප විවේචනය කරන අය එක එක දේවල් කිව්වා. ඕවා දැම්මට ඕවා ක්‍රියාත්මක වෙන්නේ නැහැ කිව්වා.

මම අද දවාලේ නීතිපතිතුමා මගේ කාර්යාලයට ගෙන්නුවා. අල්ලස් දුෂණ කොමිසමේ අධ්‍යක්ෂක ජනරාල්තුමාට එන්න කිව්වා. මහ බැංකුවේ අධිපතිතුමාට එන්න කිව්වා. රජයේ ක්ෂේත්‍රවල නීති විශාරදයන්ට එන්න කිව්වා. ඒ සියලුම දෙනාට එන්න කියල මං ඒ සාකච්ඡාව අවසන් කරලා ආවේ. මං ඒගොල්ලන්ට කිව්වා හොරුන්ට දඩුවම්දීමට, අපෙන් හොරකම් කළ ජනතාවගේ සල්ලි ආපසු ගැනීමට ,ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සදහා ඔබට කොච්චර කාලයක් යනවද? කොච්චර කාලයකින් මේක අවසන් කරනවද කියල මං ඒ අයගෙන් අහල ඒ වැඩපිළිවෙළ හදලා මේ රැස්වීමට ආවේ හොරුන්ට දඩුවම් කරන්න‘‘ යැයි ජනපති එහිදී කියා සිටියේය.

Latest News

You may also like

Latest Videos

Hot Video

Polgahawela Train Accident | පොල්ගහවෙලදී සිදුවූ අනපේක්ෂිත දුම්රිය අනතුර

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News