Citizen.lk
 

කෘත්‍රිම බුද්ධි තාක්ෂණය සමග අඩුම මිලට හඳුන්වා දෙන නවතම OPPO F5 Youth දුරකථනය

කෘත්‍රිම බුද්ධි තාක්ෂණය සමග අඩුම මිලට හඳුන්වා දෙන නවතම OPPO F5 Youth දුරකථනය | oppo new F5  Youth
Wed 24 January 2018 11:20 am
4,831 views

 

වඩාත් සුන්දර හා තාත්වික සෙල්ෆී ඡායාරූප සොයන තරුණ පරපුර වෙනුවෙන් OPPO F5 Youth නමින් නව කැමරා දුරකථනයක් වෙළඳපොළට හඳුන්වා දීමට OPPO පසුගියදා කටයුතු කළේ ය. ශ‍්‍රී ලංකාවේ තරුණ පරපුරට මැනවින් ගැළපෙන පරිදි, සෙල්ෆී ඡායාරූප අලංකාර කිරීම සඳහා නිර්මාණය කරන ලද පුරෝගාමී A. I. Beauty තාක්ෂණය සහ එම කාණ්ඩයේ ප‍්‍රථම FHD+ Full screen තිරය සමගින් මෙම දුරකථනය හඳුන්වා දී ඇත. රු.41,990 කට මිලදීගත හැකි OPPO F5 Youth දිවයින පුරා අලෙවිසැල් වලින් ලබාගත හැකි වේ.

මේ පිළිබඳව අදහස් දක්වමින් OPPO Sri Lanka සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී බොබ් ලී මහතා පැවසුවේ මෑතකදී OPPO F5 සහ OPPO F5 6GB Red Edition වැනි දුරකථන මාදිලි කිහිපයක්ම හඳුන්වා දීමත් සමග මෙරට පාරිභෝගිකයන් අතර අතිශයින් ජනප‍්‍රිය වීමට OPPO සමත් වී ඇති බවයි. F5 Youth මගින් තරුණ පරපුරට F5 දුරකථනයේ ඇතුළත් විශේෂාංග සියල්ල රිසි සේ අත්විඳීමේ අවස්ථාව හිමි වනවා. ඒ වගේම කෘත‍්‍රිම බුද්ධිය පදනම් කරගත් A. I. Beauty තාක්ෂණය සහ OPPO හි අනිකුත් පුරෝගාමී තාක්ෂණයන් මේ ආකාරයට තරුණ පරපුරට සමීප කරවීමට හැකිවීම අපට විශාල සතුටක්.” ඒ මහතා වැඩිදුරටත් පැවසී ය.

අති නවීන අංග, කෘත‍්‍රිම බුද්ධි තාක්ෂණය සමගින් සුන්දර සෙල්ෆී ඡායාරූප වඩාත් සහනදායී මිලකට ලබාගත හැකි F5 Youth දුරකථනයෙහි 16MP Selfie කැමරාවක් (f/2.0&" 13MB පසුපස කැමරාවක් සහ සුවිශේෂී 6 inch full-screen 2160x1080 resolution(FHD+) දර්ශන තිරයක් ඇතුළත් වී ඇත. මේ වනවිට ලොව සෙල්ෆි ඡායාරූප කලාවේ ප‍්‍රමුඛයා වන ධඡුඡුධ තවදුරටත් අතිනවීන තාක්ෂණයන් භාවිතා කරමින් එම ඡායාරූප කලාව හා තාක්ෂණය දියුණු කිරීම පියවර ගනිමින් සිටී.
කෙනෙකුගේ සැබෑම සුන්දරත්වය වඩාත් ඔප්නැංවෙන සෙල්ෆි ඡායාරූප ගැනීමේ අවස්ථාව සලසා දීම F5 Youth හි අරමුණ වේ.

ජාත්‍යන්තර දත්ත ගබඩාවක් සහ නවීනතම තාක්ෂණයන් පදනම් කරගෙන නිර්මාණය කර ඇති A. I. Beauty තාක්ෂණය කෙනෙකුගේ මුහුණේ ලක්ෂණ මැනවින් හඳුනාගෙන, එම ඡායාරූප වෘත්තීය ඡායාරූප ශිල්පියෙකු විසින් ගන්නා ලද ඡායාරූප ලෙසම වැඩිදියුණු කිරීමට සමත් ය.

ස්ථාන 200 කට අධික සංඛ්‍යාවකින් මුහුණේ හැඩතල හඳුනා ගැනීමේ ක‍්‍රමවේදයක් මෙන්ම මිනිස් මුහුණු සම්බන්ධ ගෝලීය දත්ත ගබඩාවක් පරීක්ෂා කිරීම මගින් කෙනෙකුගේ සමේ පැහැය, ස්වභාවය, ස්ත‍්‍රී පුරුෂ භාවය, වයස සහ තවත් බොහෝ දේ ඔස්සේ මුහුණේ හැඩතල තීරණය කිරීමේ හැකියාව F5 දුරකථනය සතු ය. මෙසේ මුහුණේ හැඩතල හඳුනා ගැනීමෙන් අනතුරුව A.I. Beauty තාක්ෂණය මගින් කෙනෙකුගේ මුහුණේ සම, ඇස්, තොල් ආදියෙහි සුන්දරත්වය වැඩි කිරීම සිදුවේ. Bokeh Effects සහ HDR Backlight Optimization වැනි විශේෂාංග සමගින් දැන් ඕනෑම කෙනෙකුට විශිෂ්ට මට්ටමේ සෙල්ෆි ඡායාරූප ලබාගත් හැකි වේ.

Full-screen, Facial Unlock සහ Back Fingerprint Reader ඇතුළු අංග රැසක්

අලංකාර නිමාව සමග ColorOS 3.2

වෙනත් විශේෂාංග
3200mAh බැටරිය සහ, දුරකථනය තුළ ක‍්‍රියාත්මක වන apps හසුරුවන Continuous Optimizing තාක්ෂණය නිසා OPPO F5 දුරකථනයේ බැටරියේ ආරෝපණය දිගු කාලයක් පවතී. එම නිසා සැබෑ තත්ත්වයන්ට සමාන තත්ත්වයන් යටතේ සිදුකරන ලද පරීක්ෂණය වලදී එය පැය 12 ක කථා කාලයක් පෙන්නුම් කර ඇත. කාඞ්පත් තුනක් රැඳවිය හැකි කාඩ් ට්‍රේ එක මත නැනෝ කාඞ්පත් දෙකක් සහ TF කාඞ් එකක් එකවර රැඳවිය හැකි වේ.

 

OPPO යනු කාලයේ තලයට වෙනස් වෙමින් දිනෙන් දින දියුණුව කරා යන ස්මාර්ට් දුරකථන සන්නාමයක් වන OPPO නිර්මාණශීලී තාක්ෂණය, අලංකාර නිමාව සහ විශිෂ්ට තලයේ කැමරා යනාදිය සහිත ස්මාර්ට් දුරකථන නිරන්තරයෙන් සිය පාරිභෝගිකයන් වෙත තිළිණ කරයි.

ජංගම දුරකථනවල එන ඡායාරූප තාක්ෂණය සම්බන්ධ පෙරළිකාරී සොයාගැනීම් සිදුකරමින් කැමරා දුරකථන නිෂ්පාදනය කිරීම සඳහා පසුගිය වසර 10 ක කාලය තිස්සේ OPPO සමාගමේ අවධානය යොමුවිය. 16MP ඉදිරිපස කැමරා සහිත දුරකථන හඳුන්වා දෙමින් සෙල්ෆි යුගය ආරම්භ කරන ලද්දේද OPPO විසිනි. එමෙන්ම යාන්ත‍්‍රික භ‍්‍රමණ කැමරාව, Ultra HD විශේෂාංග සහ 5x Dual Camera Zoom තාක්ෂණය යනාදිය ප‍්‍රථම වරට හඳුන්වාදුන් සන්නාමය වන්නේද OPPO ය.

තරුණ පරපුර සහ එහි හැසිරීම් රටාවන් සම්බන්ධ පුළුල් අවබෝධය සමගින් සෙල්ෆි කෙරෙහි වැඩි අවධානයක් සහිත Selfie Expert F දුරකථන මාලාව දකුණු ආසියාවට සහ අනෙකුත් වෙළඳපොළවලට හඳුන්වා දීමට OPPO 2015 වසරේදී කටයුතු කළේ ය. එහි ප‍්‍රථම දුරකථන පෙළට විශාල ප‍්‍රතිචාරයක් ලැබුණු අතර එය දුරකථන ක්ෂේත‍්‍රයේ පුරෝගාමී සම්ප‍්‍රදායක් බිහිකිරීමට සමත් විය. 2016 වසරේදී IDC විසින් OPPO ලොව අංක 4 ස්මාර්ට් දුරකථන සන්නාමය ලෙස ශ්‍රේණිගත කළේ ය. මේ වනවිට OPPO දිනෙන් දින වැඩි වැඩියෙන් ලොව පුරා තරුණ තරුණියන්ගේ ආදරය හා ආකර්ෂණය දිනාගන්නා කැමරා දුරකථන සන්නාමයක් බවට පත්වී ඇත.

Latest News

You may also like

Latest Videos

Hot Video

Sri Lanka Vs Bangladesh T20 2018 win | සිංහයින්ගේ වාර්තාගත ජයග්‍රහණය

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News