Citizen.lk
 

දෙවියන් වහන්සේ පුංචි අමුත්තෙකුව දෙන දවසක භාර ගන්න අපි තවම බලාගෙන ඉන්නවා. - තවම පුංචි අමුත්තෙක් නැති අඩුව ගැන ෂේරිල් කියන කතාව

දෙවියන් වහන්සේ පුංචි අමුත්තෙකුව දෙන දවසක භාර ගන්න අපි තවම බලාගෙන ඉන්නවා. - තවම පුංචි අමුත්තෙක් නැති අඩුව ගැන ෂේරිල් කියන කතාව  | sheril deker say abot familly
Mon 05 February 2018 3:57 pm
8,512 views

රුවන් හෙට්ටිආරච්චි කියන්නේ ලංකාවේ ඉන්න ජනප්‍රිය ගායන ශිල්පියෙක් පසුගිය දවසක රුවන් එයාගේ අළුත්ම සින්දුව එළි දැක්වුවා. ටිකක් වෙනස් විදිහකට පිට රටක ගිහික් කරපු මේ මියුසික් විඩියෝ එකේ රංගනයෙන් දායක වුනේ රුවන්ගේ බිරිඳ ෂෙරිල්, මියුසික් වීඩියෝ එකෙන් පස්සේ මේ යුවල ගැන හැමෝම කතා කරන්න පටන් ගත්තා. අළුත් සින්දුව සහ රුවන් ෂෙරිල් ගේ ජීවිතේ අළුත් වෙනස්කම් ගැන ඔවුන් දෙදෙනා කියන්නේ මේ විදිහටයි....

රුවන්, පහුගිය 18 වැනිදා අලුත් ගීතයක් එළිදැක්වූවා කියලා ආරංචියි?
ඔව්, මගේ අලුත්ම සිංදුව “නාරි හැඟුම්” රූප රචනයකුත් එක්ක එදා එළිදැක්වුණා. මේ ගීතය ලියුවේ රොෂාන් සමරවික්‍රම. සංගීතවත් කළේ කසුන් වෙලගම්මිල. සංගීත සංයෝජනය ලින් මුතුකුඩ. “තාල රූප” එකේ චමිල් පතිරණ තමයි වීඩියෝ එක හැදුවේ. එළිදක්වලා දවස් 10ක් ඇතුළත ලක්ෂ 5ක් ගීතය නරඹලා තිබුණා. මම අන්තිමට ගීතයක් කළේ මීට මාස 5කට විතර කලින්. ඒ, “ඇමැතුමක්” නමින්.

“නාරි හැඟුම්” රූගත කරන්න විදේශයට ගියේ ඇයි...?
මට ඕනෑ වුණා වෙනස් දෙයක් කරන්න. මගේ හිතවතෙක් වන කසුන් කාවිංග කුරුප්පුට මැ‍ලේසියාව සමග සම්බන්ධතා තියෙනවා. ඔහු මේ කටයුත්තට උදව් කළා. “ක්වාලාලම්පූර්” හා “ලංකාවී” කියන නගරවල දවස් තුනක් මෙය රූගත කළා. මගේ Music Video වලින් වැඩිම වියදමක් දරලා කරපු Video එක තමයි මේක. මිලියනකට අධික මුදලක් මේ සඳහා වැය වුණා.

රුවන් එක්ක කතා කරන අතරතුර අපි ෂෙරිල්වත් මේ කතාබහට එකතු කරගත්තා.
“නාරි හැඟුම්” ගීත රූප රචනයේම රංගනයෙන් එකතු වන්නෙත් ෂෙරිල්.

දැන් ෂෙරිල් සැමියාගේ Music Video රඟපෑමට විතරක් සීමා වෙලාද?
එහෙම දෙයක් නැහැ. හොඳ නිර්මාණයකට ආරාධනා ලැබුණොත් විතරයි බාරගන්නේ. මොකද මගේ සැලෝන් එකේ වැඩත් තියෙනවානේ. ඒ හින්දා නිළියක් විදියට ගොඩාක් කාර්ය බහුල වෙන්න තරම් වෙලාවක් මට නැහැ.

මේ නිසා ටෙලි නාට්‍යවලිනුත් ෂෙරිල්ව ළඟදී දකින්නට ලැබුණේ නැහැ?
ඔව්, මම අන්තිමට රඟපෑවේ “මීදුමෙන් එහා” ටෙලි නාට්‍යයේ. ඒ 2016 වසරේදී.

ඒ කියන්නේ පහුගිය කාලය පුරාම හොඳ නිර්මාණයකට ආරාධනා ලැබුණේම නැද්ද?
ආරාධනා නම් දැනටත් ලැබෙනවා. ඒත් මම මෙගා ටෙලි නාට්‍යවල රඟපාන්නේ නැහැ. තෝරා බේරාගෙන රඟපාන හින්දා හොඳ නිර්මාණය වෙන්න ඕනෑනේ. ඒ වගේ එකකට නම් මට තවම ආරාධනා ලැබුණේ නැහැ.

දැන් විවාහ වෙලාත් අවුරුදු කිහිපයක් ගතවී ගිහින් නේද?
ඔව් අපේ විවාහයට දැන් අවුරුදු පහක් වෙනවා.

රුවන් ෂෙරිල් කැදැල්ලට පුංචි අමුත්තෙක් එන්නේ කවදද?
දෙවියන් වහන්සේ පුංචි අමුත්තෙකුව දෙන දවසක භාර ගන්න අපි තවම බලාගෙන ඉන්නවා.

Latest News

You may also like

Latest Videos

Hot Video

Lasith Malinga Speech Before Asia Cup Trophy  | ගල් උඩත් ගස් පැලවෙනවා, හැබැයි ටිකක් කල් යනවා - මාලිංග

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News