Citizen.lk
 

අන්තර්ජාලයේ තරුවක් වෙන්න යුද ටැංකියක් හදලා ඡායාරූප ෆේස් බුක් දාපු තරුණයාට වුන දේ - Photos

අන්තර්ජාලයේ තරුවක් වෙන්න යුද ටැංකියක් හදලා ඡායාරූප ෆේස් බුක් දාපු තරුණයාට වුන දේ - Photos  | fake military tank
Mon 05 February 2018 5:37 pm
2,389 views


භාවිතයෙන් ඈත් කර තිබු ට්‍රක් රථයක් යුද ටැංකියක් බවට පරිවර්තනය කිරීම හේතුවෙන් පුද්ගලයෙකුට සිය රියදුරු බලපත්‍රය අහිමිවීම පිළිබඳව චීනයෙන් වාර්තා වේ.

දකුණු දිග ගුවාංෂී පළාතේ ලයිබින් නගරයේ වෙසෙන හුවාංග් නම් වාසගමක් සහිත එම පුද්ගලයා සිය පැරණි රථය වෙනස් කිරීම සඳහා මාස දෙකක කාලයක් ගතකර ඇති බව චීනයේ CCTV News පුවත් සේවය පැවසීය. ට්‍රක් රියේ හැඩය වෙනස් කිරීමෙන් නොනැවතී ඊට යුද ටැංකියක මෙන් වෙඩි බටයක් සහ රාඩාර් සංඥා තැටියක් ඔහු විසින් සවි කරනු ලැබුවේ සිය කාර්මික දක්ෂතාව හේතුවෙන් අන්තර්ජාලය තුළ තරුවක් වීමේ අපේක්ෂාවෙනි.

ඊට හමුදා වෙස් ගැන්වීම් (camouflage) පින්තාරුවක් ද කළ ඔහු එය සමාජ මාධ්‍ය ජාල හරහා සිය මිතුරන් වෙත යැවුව ද, එය බලධාරීන්ගේ අවධානය ද ලබාගෙන තිබේ. ජනවාරි 22 වෙනිදා සිය රථය මාර්ගයට ප්‍රවිෂ්ට කිරීමට යාමේදී පොලිසිය නිරීක්ෂණය කළ බව CCTV News පුවත් සේවය සඳහන් කළේය.,

පෙබරවාරි 1 වෙනිදා පළවූ වාර්තාවල දැක්වෙන පරිදි එම රියදුරාට යුවාන් 1,750ක (ඩොලර් 278) දඩයක් නියම කර ඔහුගේ රියදුරු බලපත්‍රය අවලංගු කර ඇත.

Latest News

You may also like

Latest Videos

Hot Video

Sri Lanka Vs Bangladesh T20 2018 win | සිංහයින්ගේ වාර්තාගත ජයග්‍රහණය

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News