Citizen.lk
 

Full Screen Display එක්ක Selfie ගන්න OPPO A83 විතරයි විසඳුම

Full Screen Display එක්ක Selfie ගන්න OPPO A83 විතරයි විසඳුම | oppo A83
Tue 06 February 2018 3:19 pm
3,093 views

 

OPPO සමාගම, OPPO A83 නමින් මූලික මට්ටමේ මිල පරාසය යටතේ මිලදීගත හැකි නව දුරකථනයක් හඳුන්වා දීමට මේ වනවිට කටයුතු කර තිබේ.

මෙය Full-screen Display එකක් සහිත දුරකථනයක් වන අතර, මෙම මිල පරාසය තුළ එම විශේෂාංගය සහිත දුරකථන ඉතාමත් දුර්ලභ ය. මීට අමතරව එහි OPPO OPPO A.I. Beauty Recognition තාක්ෂණයල 3GB RAM සහ 3180 ප්ය බැටරිය ඇතුළු විශේෂාංග රාශියක් ඇතුළත් වේ. සහනදායී මිලකට ලබාගත හැකි OPPO A83 දුරකථනය තරුණ පරපුර අතර බෙහෙවින් ජනප‍්‍රිය වනු නොඅනුමාන ය. දිවයින පුරා පිහිටි අලෙවිසැල් වලින් OPPO A83 දුරකථන රු. 36,990.00 ක මිලකට ගෝල්ඞ් සහ කළු වර්ණ වලින් ලබාගත හැකි වේ.

"A.I. Beauty තාක්ෂණය මේ වනවිට තරුණ පරපුර අතර බෙහෙවින් ජනප‍්‍රිය වී තිබෙනවා. තමන්ගේ අනන්‍යතාව හොඳින් විදහා දැක්වීමට උපකාරී වන දේවල් වලට ඔවුන් ඉතාම කැමතියි. OPPO A83 යනු ලොව ඉහළ තලයේ ජංගම දුරකථනවලට සීමා වී පැවති උසස් තාක්ෂණයක් ආරම්භක මට්ටමේ දුරකථන සඳහා හඳුන්වා දෙමින් පාරිභෝගිකයන්ට සහනදායී මිලකට එහි අපූර්වත්වය අත්විඳීමට අවස්ථාව සලසා දීම සඳහා අප ගත් උත්සහයක් ලෙස හැඳින්වීමට පුළුවන්.” OPPO Sri Lanka සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී බොබ් ලී (Bob Li) මහතා පැවසී ය.

ජනවාරි 27 වන දින දිවයින පුරා අලෙවිසැල් වලින් OPPO A83 මිලදීගන්නා පාරිභෝගිකයන්ට විශේෂ ත්‍යාග හිමිකරගැනීම සඳහා අවස්ථාව ලබාදීමේ වැඩසටහනක් දියත් කිරීමටද OPPO පියවර ගෙන තිබිණි.

විශේෂාංග රාශියක් සමග වේගවත් ක‍්‍රියාකාරීත්වයක්

OPPO A83 හි විශිෂ්ට ක‍්‍රියාකාරීත්වය, එය තරුණ පරපුර අතර ජනප‍්‍රිය වීමට තවත් හේතුවක් වනු ඇත.3GB operating memory නිසා එය භාවිතයෙන් ඉතාමත් පහසුවෙන් වීඩියෝ ක‍්‍රීඩා වල නිරත විය හැකි අතර Card slots දෙකක් (Nano-SIM cards) දෙකක් සහ TF slot එකක්) ඇති නිසා සිම් දෙකක් භාවිතා කරන අතරම මතකය 256GB දක්වා වැඩිකළ හැකි වේ. මෙහි නවතම Color OS 3.2 මෙහෙයුම් පද්ධතියක ඇතුළත් වන අතර O-share ක‍්‍රමය යටතේ සාමාන්‍ය ඡායාරූප 6 ක් හෝ 7 ක් වුවද තත්පරයක් තරම් කෙටි කාලයක් තුළ හුවමාරු කළ හැක.

Latest News

You may also like

Latest Videos

Hot Video

President to sign death penalties on drug traffickers | මත්ද්‍රව්‍ය නිසා මරණ දණ්ඩනය  නියම වූවන්ට මරණ දණ්ඩනය  දීමට මම මගේ අත්සන යොදනවා -  මරණ දණ්ඩනය ගැන ජනපති කළ කතාව -  Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News