Citizen.lk
 

රික්ටර් මාපකයේ 6.4 ක් ලෙස සටහන් වූ තායිවානයට බලපෑ දරුණු භූමිකම්පනය - Photos

රික්ටර් මාපකයේ 6.4 ක් ලෙස සටහන් වූ තායිවානයට බලපෑ දරුණු භූමිකම්පනය - Photos   | Magnitude-6.4 earthquake rocks Taiwan
Wed 07 February 2018 7:14 pm
2,043 views

රික්ටර් මාපකයේ 6.4 ක් පෙන්නුම් කළ තායිවානයේ සිදුවූ දරුණු භූමිකම්පාවකින් සහ පසු කම්පන ගණනාවකින් හතර දෙනෙකු පමණ මිය ගොස් 200 කට ධික පිරිසක් තුවාල ලබා ඇත.

මෙම භූමිකම්පාව හේතුවෙන් වඩාත් දරුණු විනාශයක් සිදුවී ඇති හුවාලෙයින් නගරයේ ගොඩනැගිලි කිහිපයකට සහ මහා මාර්ගවලට දැඩි හානි සිදුවී ඇති අතර, එක් ගොඩනැගිල්ලක සිටි පුද්ගලයන් 140 දෙනෙකු පිළිබඳ මෙතෙක් කිසිඳු වාර්තාවක් ලැබී නොමැත.

ජනප්‍රිය සංචාරක කේන්ද්‍රස්ථානයක් වන හුවාලෙයින් නගරයේ ජනගහනය ලක්ෂයකට ආසන්නය. හුවාලෙයින් නගර වැසියන්ට තම හානි වූ නිවෙස්වලින් බැහැරව ආරක්ෂක ස්ථාන කරා යන ලෙස දැනුම් දී ඇත. පසු කම්පනවල බලපෑම හේතුවෙන් 800 කට ආසන්න පිරිසක් ප්‍රජා මධ්‍යස්ථාන තුළ රැඳී සිටිති.

නිවාස සහ කඩ සාප්පු පිහිටි ගොඩනැගිල්ලක් දැඩි හානි හේතුවෙන් එක් පසකට ඇලවී ඇති අතර, එහි විසූ 143 දෙනෙකු පිළිබඳ මෙතෙක් කිසිඳු වාර්තාවක් ලැබී නොමැත.

Latest News

You may also like

Latest Videos

Hot Video

Sri Lanka Vs Bangladesh T20 2018 win | සිංහයින්ගේ වාර්තාගත ජයග්‍රහණය

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News