අති උතුම් ශුද්ධෝත්තම බෙනඩික් හිටපු පාප්වහන්සේ තම ජීවිතයේ අවසන් සමය ගෙවමින් සිටින බව ලිපියක් මගින් දන්වා තිබෙනවා.
සියවස් හයකට පසු පාප් තනතුරෙන් ඉල්ලා අස් වූ එකම පාප්වහන්සේ අති උතුම් ශුද්ධෝත්තම බෙනඩික් හිටපු පාප්වහන්සේ වන අතර ඉතාලි පුවත්පතක උන්වහන්සේ මෙම ලිපිය පලවී ඇති බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ.
උන්වහන්සේ 2013 වසරේ පෙබරවාරි මාසයේදී පාප් පදවියෙන් ඉවත් විය.
පාප්වහන්සේ මේ වනවිට 90 වන වියේ පසුවෙති. බෙනඩික් පාප්වහන්සේගේ මානසික සෞඛ්‍ය තත්ත්වය ඉතා ඉහළ තත්ත්වයක පවතින නමුත් කායික සහ චලන දුර්වලතාවලින් පෙළෙන බවත් උන්වහන්සේට සමීප ආරංචි මාර්ග සඳහන් කර තිබෙනවා.
පහතින් එම ලිපිය
“Dear Dott. Franco,
I was moved that so many readers of your newspaper would like to know how I am spending this last period of my life. I can only say that with the slow decline of my physical forces, interiorly, I am on a pilgrimage towards Home. It is a great grace for me to be surrounded in this last, sometimes a little tiring, piece of road, by such love and goodness that I could not have imagined. In this sense, I also consider the question of your readers as an accompaniment along a stretch. This is why I cannot but be grateful, assuring all of you of my prayers. Best regards.”