Citizen.lk
 

ලසන්ත ඝාතනයට ලොක්කෙක් අත්අඩංගුවට

ලසන්ත ඝාතනයට ලොක්කෙක් අත්අඩංගුවට | Lasantha Wickramathunga Murder Another Arrest
Wed 14 February 2018 8:44 am
1,555 views

මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම සිද්ධියට අදාළව කරුණු වසන් කිරීමේ චෝදනා යටතේ ඔහු එලෙසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් මේ වන විටත් විශේෂ පරීක්ෂණයක් පවත්වනවා.

අදාළ ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති ප්‍රසන්න නානායක්කාර මහතා ඊයේ(13) රාත්‍රියේ අත්අඩංගුවට ගත් බවයි දැනගන්නට ලැබෙන්නේ.

ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය සිදුවූ කාලයේ ගල්කිස්ස ප්‍රදේශය භාරව, බස්නාහිර දකුණ පළාත් භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය‍ පොලිස්පතිවරයා ලෙස ප්‍රසන්න නානායක්කාර මහතා කටයුතු කර තිබෙනවා.

ඔහු අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Latest News

You may also like

Latest Videos

( 34 views)

Hot Video

maskeliya newweligama landslide live video  | බගවන්තලාව - මස්කෙළිය ප්‍රධාන මාර්ගයේ පස් කන්දක් බලා සිටියදී නායගිය අයුරු - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News