Citizen.lk
 

ලබා දෙන ආහාර වේලට එක්‌කරන මස්‌ කෑමෙන් වැළකී එම මුදල් ඉතුරු කර අසරණ පවුලකට නිවසක් තනා දුන් කළුතර බන්ධනාගාර සිරකරුවන් ගේ උතුම් ක්‍රියාව

ලබා දෙන ආහාර වේලට එක්‌කරන මස්‌ කෑමෙන් වැළකී  එම මුදල් ඉතුරු කර අසරණ පවුලකට නිවසක් තනා දුන් කළුතර බන්ධනාගාර සිරකරුවන් ගේ උතුම් ක්‍රියාව  | kalutara prisoners grate work
Wed 14 February 2018 10:29 am
2,489 views

කළුතර බන්ධනාගාරයේ රඳවා සිටින සිරකරුවන් තමන්ට ලබා දෙන ආහාර වේලට එක්‌කරන මස්‌ කෑමෙන් වැළකී එම මුදල් ඉතිරි කර අසරණ පවුලකට නිවසක්‌ ඉදිකර පරිත්‍යාග කිරීමේ සද්ක්‍රියාවක්‌ අසන්න ලැබුණි.
නිවසක්‌ අහිමි වී අසරණ තත්ත්වයට පත් වී සිටි උතුරු කළුතර දුම්රිය මාර්ගය අසල පදිංචි මානෙල් චන්ද්‍රිකා හා ඇයගේ දරු දෙදෙනා වෙනුවෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් මෙම නිවස ඉදිකර තිබුණි.

කළුතර උතුර සුගත විද්‍යාලයේ ආපන ශාලාව පවත්වාගෙන යමින් සිය දරු දෙදෙනාට අධ්‍යාපනය ලබාදීමට වෙහෙසෙන මෙම දිරිය මව පිළිබඳව කළුතර උතුර සුගත විද්‍යාලයේ විදුහල්පති කළුතර ධම්මරක්‌ත මා හිමියෝ මෙසේ පැවසූහ.

මෙම කාන්තාව ආපන ශාලාව පවත්වාගෙන යනවා. මේ පාසලේ ඉගෙනුම ලබන්නේ දරුවන් 183 යි ඇයට මෙයින් ලැබෙන ආදායම මදි. මැයගේ සැමියා පිළිකා රෝගය වැළදී මිය ගොස්‌ තිබෙනවා. දරු දෙදෙනා ද මෙම පාසලේ අධ්‍යාපනය ලබනවා. ජීවත් වූයේ කුලී ගෙදරක. මම කුඩා ඉඩම් කැබැල්ලක්‌ ලබාගෙන බන්ධනාගාරයෙන් නිවසක්‌ ඉදිකර දෙන ලෙස ඉල්ලා සිටියා.

කළුතර බන්ධනාගාර අධිකාරි නිමල් ශාන්ත මහතා. මෙම නිවසේ සියලුම වැඩ කළේ බන්ධනාගාර රැඳවියන්. මෙහි වැඩ ආරම්භ කළේ හිටපු බන්ධනාගාර අධිකාරි එස්‌. කේ. පල්ලේතැන්න මහතා. මෙහි ඉදිකිරීම් කටයුතුවල නිරත වූ එක්‌ රැඳවියෙකු පලා ගියා.

එය කනගාටුවට කරුණක්‌ බන්ධනාගාර කොමසාරිස්‌ ජනරාල් නිෂාන් ධනසිංහ මහතා බන්ධනාගාරගත නොවූ පවුලක්‌ වෙනුවෙන් බන්ධනාගාරය පළමු වරට සමාජ සත්කාරයක්‌ ලෙස කළේ මේ නිවස සෑදීමයි. බන්ධනාගාර දෙපාර්තමේන්තුව රැඳවියන්ගේ පවුල්වල සුබසාධනය සඳහා විශාල මෙහෙයක්‌ දැන් කරනවා.

Latest News

You may also like

Latest Videos

Hot Video

Sri Lanka Vs Bangladesh T20 2018 win | සිංහයින්ගේ වාර්තාගත ජයග්‍රහණය

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News