Citizen.lk
 

උඩවත්ත රක්‍ෂිතයේ කොටසක් බිම් හිලව්වකට ප්‍රසිද්ධ හෝටලයකට පවරා දීමට සූදානමක්

උඩවත්ත රක්‍ෂිතයේ කොටසක් බිම් හිලව්වකට ප්‍රසිද්ධ හෝටලයකට පවරා දීමට සූදානමක් | udawaththa
Wed 14 February 2018 10:37 am
3,996 views

 

උඩවත්ත රක්‍ෂිත වනාන්තරයේ කොටසක් ප‍්‍රසිද්ධ හෝටලයකට පවරා දීමට සූදානම් වන බවට වන සංරක්‍ෂණ දොපාර්තමෙන්තු ආරංචි මාර්ග සඳහන් කළා.

වන සංරක්‍ෂණ ආඥා පනතේ සඳහන් නොවන ආකාරයේ ඉඩම් හුවමාරු ක‍්‍රමයක් මඟින් මෙම ගනුදෙනුව සිදුවන බවටයි වාර්තා වෙන්නේ.
මීට වසර දොළහකට පමණ පෙර අනුමත වු බව කියන අමාත්‍ය මණ්ඩල තීරණයකට අනුව බව කියමින් රජයේ දැනුවත් භාවයකින් තොරව උඩවත්ත රක්‍ෂිත වනාන්තරයේ කොටසක් වෙනත් ස්ථානයකින් ලබාදෙන බිම් කොටසක හිලව්වට ගෙන මෙම කොටස ලබා ගැනීමට උත්සහ දරන අතර, ඊට දෙපාර්තමේන්තුවේ ඉහළම නිලධාරීන් පිරිසක් ද සම්බන්ධ වී ඇති බවට තොරතුරු වාර්ථා වෙනවා.


කන්ද උඩරට රජවරුන්ගේ රාජකීය උද්‍යානය වන උඩවත්ත කැළේ රක්‍ෂිත වනාන්තරයේ වශ්‍යයෙන් 1897 වසරේදී ඉංග‍්‍රීසී පාලකයින් ගැසට් නිවේදනයක් මඟින් ප‍්‍රකාශයට පත් කොට ඇත.

රක්‍ෂිත වනාන්තරයක් වශ්‍යයෙන් ගැසට් කොට ඇති මෙම උඩවත්ත වනාන්තරයේ හෝටලය අනවසරයෙන් භූක්ති විඳින භූමී ප‍්‍රමාණය රක්‍ෂිත භාවයෙන් මුදා හැරීමට අවශ්‍ය ලේඛණ සකස් කර එවන ලෙසත් අදාළ බිම් කොටස බදු දීමට ඉඩ සැළසෙන පරිදි ප‍්‍රාදේශිය ලේකම්වරයා වෙත නිදහස් කිරීමට අවශ්‍ය ලේඛණ සකස් කර එවන ලෙසත් මහනුවර දිසා වන නිලධාරීවරයාට වන සංරක්‍ෂණ දෙපාර්තමෙන්තුවේ ඉහළ නිලධාරියෙකු දැනුම් දී ඇතැයි වන සංරක්‍ෂණ දොපාර්තමෙන්තු ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළා.

Latest News

You may also like

Latest Videos

Hot Video

Rajitha Senarathne Press Conference | රාජිතට උත්තර නැතිවුණු මාධ්‍යවේදියාගේ ප්‍රශ්ණය

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News