Citizen.lk
 

මහරගම පාලනය ගම්පහෙන් ආ පිරිසකට - ඡන්ද ලකුණ නිසා මිනිස්සු රැවටුනේ මෙහෙමයි

මහරගම පාලනය ගම්පහෙන් ආ පිරිසකට - ඡන්ද ලකුණ නිසා මිනිස්සු රැවටුනේ මෙහෙමයි | Maharagama Election Result Issue
Wed 14 February 2018 1:22 pm
28,065 views

පසුගියදා නිකුත් වූ මැතිවරණ ප්‍රතිපලය සමඟ මහරගම ජනතාව කිසිදා නොදුටු අපේක්ෂකයින් පිරිසකට ඡන්දය ලබාදීමට තරම් අදූරදර්ශී වී ඇත්ද යන්න පිළිබඳව මනාප ලබාදුන් අයගේ නම් ලැයිස්තුවෙන් මේ වන විට පෙනී යනවා.

මෙම මැතිවරණයේදී නගර සභා කොට්ටාස විසි පහේම බලය දිනා ගැනීමට සමත් වූයේ මෝටර් සයිකලය ලකුණෙන් තරඟ කල ස්වාධීන කණ්ඩායම් අංක 2 ය. නාමයෝජනා බාර දෙන මොහොතේදී පොහොට්ටු පක්ෂයේ නාමයෝජනා ප්‍රතික්ෂේප වීම නිසා ඔවුන්ගේ සහාය මෙම ස්වාධීන කණ්ඩායමට හිමි විය.

මැතිවරණ කාලය පුරා අපේක්ෂකයින්ගේ මුහුණු වෙනුවට පොහොට්ටු පක්ෂයේ නාමයෝජනා ප්‍රතික්ෂේප වූ පිරිසේ ජායාරූප සමඟ බයිසිකලයේ ලකුණ යොදා මැතිවරන ප්‍රචාරණය කල මෙම කණ්ඩායම මහරගම ජනතාව රවටා බහුතර බලය දිනා ගැනීමට සමත් වී තිබේ.

මෙම අපේක්ෂක ලැයිස්තුවේ පදිංචි ලිපිනයන්ට අනුව එම අපේක්ෂකයින් අතරින් දෙදෙනෙකු පමණක් මහරගම ප්‍රදේශයේ පදිංචි කරුවන් වන අතර ඒ අතරිනුත් එක් අයෙකු වයස අවුරුදු 80 ඉක්මවු රාජපක්ෂ මොහොට්ටිගේ කරෝලිස් නමැති වයෝවෘධ පුද්ගලයෙකි.

අනෙකුත් අපේක්ෂකයින් අතරින් බහුතරය දිවුලපිටිය බඩල්ගම ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් අතරින් සමහරක් සිය ජීවිතයේ කවරදාකවත් මහරගම නගරයට පැමිණ නැතැයිද වාර්තා වී තිබේ.

වරක් කොලඹ මහනගර සභාවේ එජාප නාමයෝජනා ප්‍රතික්ෂේපවීම මත ඔවුන්ගේ සහාය හිමිවූ ස්වාධීන කණ්ඩායමක් ජයග්‍රහණය කර නගර සභාවේ පාලනය දැවැන්ත අර්බුදයකට ලක්වූවා සේම මේ අවස්ථාවේ මහරගම නගර සභාවට අත්වන්නේද එම ඉරණමය.

මැතිවරන කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය වරෙක පැවසූ පරිදි අපේක්ෂකයින් අදාළ ප්‍රදේශයේ පදිංචි කරුවන් විය යුතු වන අතර මෙම කණ්ඩායම එසේ නොවන බව දැන ජනතා විමුක්ති පෙරමුණ විසින් විරෝධතාවයක් පවා ඒ මොහොතේ ගොණුකර ඇති නමුත් එය නොසලකා හැර ඇතැයි වාර්තා වේ.

පහත සදහන් ලයිස්තුව අනුව ඔබට සිදුවී ඇති දෙය වටහා ගත හැකි වනු ඇත.

මැතිවරණ නීතිය අනුව මෙලෙස මහරගම ජනතාවගේ ජන්දයෙන් තේරීපත්වූ ගම්පහ දිස්ත්‍රික්කයේ බඩල්ගම ප්‍රදේශයේ පදිංචි 20 දෙනෙකු වැල්ලවත්ත ප්‍රදේශයේ දෙදෙනෙකු සහ මහරගම දෙදෙනෙකු එක් අංශභාග රෝගියෙකු ලබන මාර්තු මස හය වනදායින් පසු මහරගම නගර සභාවේ නගරාධිපතිවරු සහ බලය හිමි මන්ත්‍රීවරු ලෙස දිවුරුම් දීමට නියමිතය.

කෙසේ නමුත් මේ වන විට සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයේ නඩුවක්ද ගොනුකර ඇති බවට තොරතුරු වාර්තා වෙනවා.

Latest News

You may also like

Latest Videos

Hot Video

Rajitha Senarathne Press Conference | රාජිතට උත්තර නැතිවුණු මාධ්‍යවේදියාගේ ප්‍රශ්ණය

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News