Citizen.lk
 

කොළඹ, ග්‍රෑන්ඩ්පාස් ගොඩනැගිල්ලක් කඩා වැටී 7ක් ජීවිතක්ෂයට සිරවුනු අය සොයා පොලීසිය මෙහෙයුමක් දියත් කරයි - Photos - Update

කොළඹ, ග්‍රෑන්ඩ්පාස් ගොඩනැගිල්ලක් කඩා වැටී 7ක් ජීවිතක්ෂයට සිරවුනු අය සොයා පොලීසිය මෙහෙයුමක් දියත් කරයි - Photos - Update | granpass
Wed 14 February 2018 4:25 pm
10,052 views

  Update

කොළඹ - ග්‍රෑන්ඩ්පාස්, කොස්ගස් හංදිය ප්‍රදේශයේදී තේ ගබඩා කර තිබු ගොඩනැගිල්ලක් කඩා වැටීමෙන් මියගිය සංඛ්‍යාව 7 ක් දක්වා ඉහළගොස් තිබෙනවා.

තවත් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බවයි පොලිසිය සඳහන් කළේ. මිය ගිය අය අතර කාන්තාවන් තිදෙනෙක්ද  වනවා.

 

--------

තුවාල ලැබූ දෙදෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර, ඔවුන්ගේ තත්ත්වය බරපතල බවයි එහි හදිසි අනතුරු අංශයේ අධ්‍යක්ෂිකා වෛද්‍ය සමිද්ධි සමරකෝන් ප්‍රකාශ කළේ.

තවත් පුද්ගලයින් ඊට යටවී ඇත්දැයි සොයාබැලීම සඳහා පොලීසිය සහ ආපදා සහන සේවකයින් මේ වනවිට සෝදිසි මෙහෙයුමක්ද ආරම්භ කර තිබෙනවා.

ඊට අමතරව අදාළ ස්ථානයට ආපදා රථ 8 ක් පමණ යොමුකර ඇති බවයි ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ.

Latest News

You may also like

Latest Videos

Hot Video

Sri Lanka Vs Bangladesh T20 2018 win | සිංහයින්ගේ වාර්තාගත ජයග්‍රහණය

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News