Citizen.lk
 

දූ අනුරාධා තරු තුනක් පායන රාත්‍රියක්

දූ අනුරාධා තරු තුනක් පායන රාත්‍රියක් | du anurada
Wed 28 February 2018 3:30 pm
1,379 views

 

මහාචාර්‍ය සංගීත් නිපුන් සනත් නන්දසිරි මහතා සහ ප්‍රවීණ ගායනවේදිනී මල්කාන්ති නන්දසිරි මහත්මිය සමග විශාරද අනුරාධා නන්දසිරි මහත්මිය එක්ව ගැයෙන " දූ අනුරාධා " ප්‍රසංගය 2018 මාර්තු මස 11 වැනිදා ප.ව. 6.30 ට නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.


මහාචාර්‍ය සංගීත් නිපුන් සනත් නන්දසිරි ඒක පුද්ගල සංගීත ප්‍රසංග රටාවෙන් මිදී මුල් වරට ත්‍රිපුද්ගල සංගීත ප්‍රසංග කලාවට එළඹෙන මොහොත වන " දූ අනුරාධා" යනු අනුරාධා නන්දසිරි සහ මල්කාන්ති නන්දසිරි තමාගේම ප්‍රසංගයක ගායිකාවක් ලෙස ගී ගයන මුල්ම අවස්ථාව ද වේ.

" දූ අනුරාධා " ප්‍රසංගය සඳහා සංගීතය " නාද" සංගීත වෘන්දය විසින් සපයනු ලබන අතර කථනය විදුර ඩයස් අභයගුණවර්ධන විසිනි. ප්‍රසංගය ඉදිරිපත් කිරීම සිහෙළ ටයිම් ඇන්ඩ් ස්පේස් වෙතිනි.

ප්‍රවේශපත්‍ර රු. 10,000/- , රු.7,500/- , රු. 5,000/- , රු.3,000/- , රු. 2,000/- , රු. 1,000/- යන මිල ගණන් යටතේ පවතින අතර www.myticets.lk වෙබ් අඩවිය ඔස්සේ හෝ සරසවි පොත් සලෙන් ( නුගේගොඩ , මහරගම , දෙහිවල , කිරිබත්ගොඩ) හෝ එදින දොරටුවෙන් ලබා ගත හැකිය.

Latest News

You may also like

Latest Videos

Hot Video

President Maithrepala Sirisena Speaks About 100 Days Program | දින 100 හැදුවේ කවුද කියලවත් මම දන්නෑ - ජනපතිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News