Citizen.lk
 

එක්සයිඩ් ප්‍රසාද ප්‍රණාම කාඩ්පත් බ්‍රවුන්ස් වාහන බැටරි පාරිභෝගිකයන් සඳහා හඳුන්වාදෙයි

එක්සයිඩ් ප්‍රසාද ප්‍රණාම කාඩ්පත් බ්‍රවුන්ස් වාහන බැටරි පාරිභෝගිකයන් සඳහා හඳුන්වාදෙයි | Browns Exide Rewards Loyalty with RADCO and Browns Deals
Fri 02 March 2018 3:24 pm
4,377 views

ශ්‍රී ලංකාවේ වාහන බැටරි කර්මාන්තයේ වෙළඳපොළ ප්‍රමුඛයා වන ‘බ්‍රවුන්ස් එක්සයිඩ්’, රැඩ්කෝ (RADCO) සහ ‘බ්‍රවුන්ස් ඩීල්ස්’ සමඟ එක්ව සිය නවතම පාරිභෝගික සත්කාරය ලෙස එක්සයිඩ් ප්‍රසාද ප්‍රණාම කාඩ්පත් බ්‍රවුන්ස් වාහන බැටරි පාරිභෝගිකයන් සඳහා පසුගියදා හඳුන්වා දෙන ලදී. ඒ අනුව, ‘එක්සයිඩ් රිවෝඩ්ස්’ මුල්ම ප්‍රසාද කාඩ්පත් පෙළ බස්නාහිර පළාත් පාසල් ළමුන් ප්‍රවාහන හිමිකරුවන්ගේ සංගමයේ සාමාජිකයන් වෙත පසුගියදා පිරිනැමිණ.

‘එක්සයිඩ් අනුග්‍රාහක ප්‍රතිලාභ කාඩ්පත්’ සතු පාරිභෝගිකයන්ට එක්සයිඩ් සහ එහි සඳහන් අනෙකුත් සන්නාම වලින් වරප්‍රසාද රැසක් හිමිවේ. මෙම ප්‍රසාද වැඩසටහන ‘බ්‍රවුන්ස් එක්සයිඩ්’ රැඩ්කෝ රේඩියේටර් සහ ‘බ්‍රවුන්ස් ඩීල්ස්’ නිෂ්පාදන රැසක් සඳහා වලංගු වේ.

“මෙවැනි අගය එකතුකිරීම් තුලින් ගණුදෙනුකරුවන්ට ප්‍රසාද හිමිකරදීම වැදගත්බව ‘බ්‍රවුන්ස් එක්සයිඩ්’ නිරන්තරයෙන් විශ්වාස කරයි. ‘එක්සයිඩ් රිවෝඩ්ස්’ ප්‍රසාද දීමනාව අප පාරිභෝගිකයන්හට ලබාදෙන අගය එකතුකිරීමේ වැඩසටහන් වල නවතම හඳුන්වාදීමකි,” එක්සයිඩ් අනුග්‍රාහක ප්‍රතිලාභ කාඩ්පත්’ලබාදීමේ සමාරම්භක උත්සවයට සහභාගී වූ බ්‍රවුන්ස් බැටරි අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී අජිත් ද සිල්වා මහතා මෙලෙස පවසා සිටියේ එක්සයිඩ් තුලින් තම ජාලයට තවත් අගය එකතුකිරීමක් ලෙස මෙය ක්‍රියාවට නැංවූ බවයි. “බ්‍රවුන්ස් බැටරි අංශය දිවයින පුරා විහිදුනු ‘බැට් - මොබයිල්’ සේවාවෙන්ද සමන්විත වන අතර, එමඟින් පාරිභෝගිකයන්ට මාර්ගයේදී සහය වන අතරම, බැටරිය අළුතින් යෙදවීමට අවශ්‍ය හෝ වාහනය පණගැන්වීමේ ගැටළු සහිත පාරිභෝගිකයන්ට නිවෙස වෙතම පැමිණ සේවා සලසයි”. අජිත් ද සිල්වා මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

එමෙන්ම ‘එක්සයිඩ් රිවෝඩ්ස් ලෝයල්ටි කාඩ්පත්’ හිමි පාරිභෝගිකයන්ට රැඩ්කෝ වාහන රේඩියේටර් සහ බලජනන යන්ත්‍රවල ‘කූලර්ස්’ මෙන්ම ලොව වඩාත් ඉහල ඉල්ලුමක් ඇති Sharp, LG, Samsung, Sony, Panasonic, Philips, JVC, Toshiba සහ Sanford ඉලෙක්ට්‍රොනික හා ගෘහ විදුලි උපකරණ ‘බ්‍රවුන්ස් ඩීල්ස්’ හරහා අවම මිල ගණන් යටතේ මිලදී ගතහැකි වනු ඇත.

තවද, ශ්‍රී ලංකාවේ වඩාත් විශ්වාසදායක උණසුම් පාලන (heat exchanger) සන්නාමය වන රැඩ්කෝ, කෙටි කාලයක් තුල තම නිෂ්පාදන පෙළ පුළුල් කරමින් SLS 740 සහ ISO 9001:2015 ප්‍රමිති සහතිකය හිමිකරගත් ශ්‍රී ලංකාවේ ප්‍රථම සහ එකම රේඩියේටර් සන්නාමයයි. වාහන රේඩියේටර් වෙළඳපොලේ 65% ක් හා අනිකුත් උණසුම් පාලන අංශයේ 85% ක වෙළඳපොළ ප්‍රතිශතයක් හිමිකරගෙන සිටින රැඩ්කෝ ඉදිරියේදී ගණුදෙනුකරුවන්ට තවත් වටිනා වරප්‍රසාද ලබාදීමට අපේක්ෂා කරයි.

“අපගේ අතිසාර්ථක සහෝදර සමාගමක් වන ‘එක්සයිඩ්’ සමඟ ‘එක්සයිඩ් රිවෝඩ්ස්’ ප්‍රසාද වැඩසටහනට එක්වීමට ලැබීම පිළිබඳ අපි අතිශය සතුටට පත්වෙමු. එමඟින් අපගේ විශ්වාසවන්ත පාරිභෝගිකයන්ට වට්ටම් රැසක් භුක්ති විදීමට හැකිවේ.” රැඩ්කෝ රේඩියේටර්ස් අංශයේ සහකාර සාමාන්‍යාධිකාරී අසංග පීරිස් එම අවස්ථාවට එක්වෙමින් පැවසීය.

ඒ අතරම, ‘බ්‍රවුන්ස් ඩීල්ස්’ සාමාන්‍යාධිකාරී නලීන් ජයවර්ධන මහතා පවසා සිටියේ ‘බ්‍රවුන්ස් ඩීල්ස්’ මඟින් ඉලෙක්ට්‍රොනික භාණ්ඩ, ගෘහ සහ මුළුතැන්ගෙයි උපකරණ සඳහා ලොව සුපතල මාදිලි යටතේ 40 % සිට 75 % දක්වා විශේෂ වට්ටම් ලබාගත හැකි බවත්, ‘එක්සයිඩ් අනුග්‍රාහක ප්‍රතිලාභ කාඩ්පත්’ පාරිභෝගිකයන්ට එදිනෙදා උපකරණ සඳහා ඇදහිය නොහැකි වට්ටම් ලබාගතහැකි බවත්ය. එමෙන්ම එම භාණ්ඩ සඳහා බ්‍රවුන්ස් වගකීම මෙන්ම අවශ්‍ය විටදී ඉතා දක්ෂ තාක්ෂණික කණ්ඩායමක් ද ඇති බව ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.

සිය ලෝයල්ටි ගණුදෙනුකරුවන්ට නවීන තාක්ෂණයෙන් යුත් උසස් ප්‍රමිතියේ නිෂ්පාදන වසර 140 කට අධික බ්‍රවුන්ස් විශිෂ්ටත්වය සහ විශ්වාසය සමඟින් ‘බ්‍රවුන්ස් එක්සයිඩ්’ බැටරි ලබාදීමට අලෙවි පාර්ශ්වකරුවන් පොරොන්දු වෙයි.

Latest News

You may also like

Latest Videos

Hot Video

Lasith Malinga Speech Before Asia Cup Trophy  | ගල් උඩත් ගස් පැලවෙනවා, හැබැයි ටිකක් කල් යනවා - මාලිංග

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News