Citizen.lk
 

මට නම් හිතෙන්නේ මම වගේ කියලා - මතු දවසක මම මගේ දුව නිළියක් කරනවා. - කාගේ හිත ගත්ත දෙවෙනි ඉනිමේ මයික් ගේ පවුලට එකතු වුන පුංචි අමුත්තා - Photos

මට නම් හිතෙන්නේ මම වගේ කියලා -  මතු දවසක මම මගේ දුව නිළියක් කරනවා. - කාගේ හිත ගත්ත දෙවෙනි ඉනිමේ මයික් ගේ පවුලට එකතු වුන පුංචි අමුත්තා  - Photos  | denuwan senadi
Sun 04 March 2018 5:43 pm
11,370 views

දෙවෙනි ඉනිමේ ටෙලි නාටයේ නිතරම වාගේ කතා කරන හැමෝම ආදරය කරන ( මයික් ) දෙනුවන් සේනාධි මේ දවස්වල පුංචි විවේකයක් ලැබුණු හැටියෙම දුවලා යන්නේ ගෙදරට. ඒකට විශේෂ හේතුවක් තියෙනවා. දෙවැනි ඉනිම ටෙලි නාට්‍යයේ සුදු ඇදගෙන ‍පොත් මිටියක් අතට අරගෙන ඉස්කෝ‍ලේ ගියාට සැබෑ ජීවිතයේදී නම් දෙනුවන් මේ වෙද්දී පිය පදවිය ලබලයි ඉන්නේ. දෙනුවන්ගේ පුංචි දෝණිට දැන් මාස දෙකක් පිරෙන්නත් ළඟයි. පහුගිය කාලෙකදී පුංචි දෝණි ගැන මාධ්‍යයෙන් වසන් කරගෙන හිටපු දෙනුවන් හා හා පුරා තමන්ගේ පුංචි දෝණි ගැන කියන්නේ මේ විදිහටයි 


මේ දවස්වල ජීවිතේ අලුත් වෙලා වගේ දැනෙනවද?
ගොඩක් සතුටින් ඉන්නේ. දැන් ඉතින් දුවෙක්ගේ තාත්තා කෙනෙක්නේ. වගකීම් ගොඩයි මේ දවස්වල ෂුටිං නැත්නම් කොහෙවත් යන්නේ නැතුව ගෙදරටම වෙලා ඉන්නවා. කොහේ ගියත් ඉක්මනට ගෙදර එන්න තමයි බලන්නේ.

පුංචි දූ ඉපදුනේ කවදාද?
2017 දෙසැම්බර් 5 වැනිදා.

ඒ සුන්දර දවස නැවත සිහිපත් කළොත්?
ඊට කලිින් දවසේ බිරිඳව ඩර්ඩන්ස් හොස්පිට්ල් එකේ ඇඩ්මිට් කළා. 5 වැනිදා තමයි දූ ඉපදුනේ. දූ ඉපදුනේ සිසර් සැත්කමකින්. මම මේ වේලාවේ දෙවැනි ඉනිමේ ටෙලි නාට්‍යයේ සාරංග අයියා ඇතුළු කණ්ඩායමට ස්තූති කරනවා එදා දවසේ මට නිවාඩු දුන්නාට.

මුලින්ම දූගේ මූණ දැක්කම මොකද හිතුනේ?
ඒ හැඟීම වචනවලින් විස්තර කරන්න නම් බැහැ. සතුට වැඩි කමට මම ඉකිගහගහ ඇඬුවා.

මොකක්ද පුංචි දෝනිගේ නම?
ශෙලීනා රෙහන්සා සේනාධි.

දෙනුවන් දූගේ කටයුතුවලට උදව් කරනවාද?
ඔව්. මම ගෙදර ඉන්න වෙලාවට උපරිමයෙන් මට පුළුවන් හැමදේම කරලා දීලා ඒ කටයුතුවලට සහාය දෙනවා.

දුව තාත්තා වගේද අම්මා වගේද?
මට නම් හිතෙන්නේ මම වගේ කියලා. දකින අය කියන්නෙත් මම වගේ කියලා තමයි.

එහෙනම් තාත්තාගේ කලා කුසලතා දුවටත් පිහිටලා ඇති?
ඒක එහෙම වෙන්න ඕන නේද?

මතු දාක දුවත් කලාවම තෝරා ගනීවිද?
මගේ ලොකුම හීනයත් ඒකම තමයි.

ඒ කියන්නේ දෙනුවන්ගේ හීනය මතු දවසක දුව කලාවට යොමුවනවා දකින්නයි?
ඇත්තටම ඔව්. මතු දවසක මම මගේ දුව නිළියක් කරනවා.

බිරිඳ ගණකාධිකරණ අංශයේ හින්දා දුවව ඒ අංශයෙන් ඉදිරියට යවන්න ඇය හිතන්නත් බැරි නැහැ. අනික දුව කලාවට යොමු වෙනවට ඇය මොන වගේ ප්‍රතිචාරයක් දක්වයිද දන්නේ නැහැ ඔබ පුංචි දුව නිළිකමට යොමු කරන්න හදන විට බිරිඳ ඊට අකමැති වුණොත්?

එහෙම වුණොත් මම බිරිඳගෙන් අහනවා. අම්මට නළුවෙක් බඳින්න හොඳ නම් දුව නිළියක් වුණාම මොකද වෙන්නේ කියලා.

Latest News

You may also like

Latest Videos

Hot Video

President Maithrepala Sirisena Speaks About 100 Days Program | දින 100 හැදුවේ කවුද කියලවත් මම දන්නෑ - ජනපතිගෙන් ආන්දෝලනාත්මක ප්‍රකාශයක්

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News