Citizen.lk
 

දුෂ්කර ගමක දුප්පත් පවුලකින් ගමන පටන් ගෙන ෆෝන්, ලැප්ටොප් වලට ටෙම්පර්ඩ් ග්ලාස් හදලා ලෝකේ ධනවත් කාන්තාවන් අතරට එක් වූ ෂූ කොන්ෆෙයි - Photos

දුෂ්කර ගමක දුප්පත් පවුලකින් ගමන පටන් ගෙන ෆෝන්, ලැප්ටොප් වලට ටෙම්පර්ඩ් ග්ලාස් හදලා ලෝකේ ධනවත් කාන්තාවන් අතරට එක් වූ ෂූ කොන්ෆෙයි - Photos | Zhou Qunfei life story
Sun 11 March 2018 1:27 pm
620 views

ස්වෝත්සාහයෙන් දියුණු වූ ප්‍රකොටිපතිනියන් පිළිබඳ මේ වසරේ ලැයිස්තුවේ ඉහළම ස්ථාන චීන කාන්තාවන්ට හිමි වී ඇත. හුරුන් ප්‍රකාශකයන්ගේ වාර්තාවට අනුව ස්වෝත්සාහයෙන් දියුණු වූ ලෝකයේ ධනවත්ම කාන්තාවන් පස් දෙනාම ආසියානු කාන්තාවන් වීම විශේෂත්වයකි.

ලැප්ටොප් සහ ජංගම දුරකථන ආවරණය කරන වීදුරු නිෂ්පාදනය කරන සමාගමක් ආරම්භ කළ ෂූ කොන්ෆෙයිට (Zhou Qunfei) ඇමරිකානු ඩොලර් බිලියන 9.8 ක වත්කමක් හිමි අතර, ඇය ස්වෝත්සාහයෙන් දියුණු වූ ලෝකයේ ධනවත්ම කාන්තාව බවට වාර්තා වේ.

ඇපල්, සැම්සුන් සමාගම් ඇතුළු තාක්ෂණය හා සම්බන්ධ සමාගම් විශාල ප්‍රමාණයක් සමග ඇය ව්‍යාපාරික ගිවිසුම්වලට එළැඹ ඇත. පසුගිය සතියේ එළිදැක්වූ ෆෝබ්ස් සඟරාව පළකරන ලෝකයේ ධනවත්ම පුද්ගලයන්ගේ ලැයිස්තුවට ද ෂූ ගේ නම ඇතුළත්ව තිබුණි. ඇය ඉතා දුෂ්කර ගම්මානයක දිළිඳු පවුලක උපන් තැනැත්තියකි.

ෆෝබ්ස් සඟරාවට අනුව ලෝකයේ ධනවත්ම කාන්තාවන් අතරින් ඇයට හිමිවන්නේ දහසය වන ස්ථානය වේ. නමුත් මෙහි විශේෂත්වය වන්නේ ඇයට ඉදිරියෙන් සිටින කාන්තාවන් පහළොස් දෙනාම පවුලේ උරුමයෙන් හෝ විවාහයෙන් පසු ධනවත් වූ කාන්තාවන් වීමය.

Latest News

You may also like

Latest Videos

Hot Video

Lasith Malinga Speech Before Asia Cup Trophy  | ගල් උඩත් ගස් පැලවෙනවා, හැබැයි ටිකක් කල් යනවා - මාලිංග

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News