Citizen.lk
 

චන්දිමාල්ට තරඟ තහනමක් - නායකත්වය තිසරට

චන්දිමාල්ට තරඟ තහනමක් - නායකත්වය තිසරට | Chandimal Ban 2 Matches
Mon 12 March 2018 9:06 am
553 views

ශ්‍රී ලංකා සීමිත ඕවර කණ්ඩායමේ තාවකාලික නායකයා වන දිනේෂ් චන්දිමාල්ට අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් තරග දෙකක තහනමක් පනවනු ලැබ තිබේ. බංග්ලාදේශයට එරෙහිව සෙනසුරාදා පැවැති තරගයේදී මන්දගාමී පන්දු යැවීම හේතුවෙන් චන්දිමාල්ට මෙම තහනම පනවා තිබේ.

චන්දිමාල් තහනමකට පත්වීම හේතුවෙන් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර හෙට (12 වැනිදා) පැවැත්වීමට නියමිත නිදහස් කුසලාන තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය සඳහා තිසර පෙරේරා පත්කර ඇත.

නියමිත ඕවර 20 යැවීම සඳහා දෙන ලද කාලය තුළදී ශ්‍රී ලංකා කණ්ඩායම යවා තිබුණේ ඕවර 16 ක් පමණි. ඒ හේතුවෙන් ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන්ට ඔවුන්ගේ තරග මුදලින් 60% ක දඩයක් පනවන ලද අතර නායකයා වූ හෙයින් චන්දිමාල්ට තරග දෙකක තහනමක් පනවන ලදි. මේ හේතුවෙන් චන්දිමාල්ට ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගය (12 වැනිදා) මෙන්ම සිකුරාදා පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගයද මඟහැරී යනු ඇත.

Latest News

You may also like

Latest Videos

Hot Video

Lasith Malinga Speech Before Asia Cup Trophy  | ගල් උඩත් ගස් පැලවෙනවා, හැබැයි ටිකක් කල් යනවා - මාලිංග

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News