Citizen.lk
 

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද ජපන් අධිරාජ්‍යයා හමුවෙයි

ජනපති  මෛත්‍රීපාල සිරිසේන මහතා අද ජපන් අධිරාජ්‍යයා හමුවෙයි  | President Sirisena will meet  Japan  Emperor Akihito
Tue 13 March 2018 7:27 am
618 views

ජපානයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ ජපාන අධිරාජයා වන අකිහිතෝ රජු සහ මිචිකෝ රැජන අතර හමුව අද (13 වැනිදා) සිදුකෙරේ. ටෝකියෝහි චියෝදා කුහි පිහිටි ජපාන අධිරාජයාගේ ඉම්පීරියල් මන්දිරයේදී එරට වේලාවෙන් අද උදැසන 10.00 ට මෙම හමුව පැවැත්වේ.

ජනාධිපතිවරයා එරට අධිරාජයා සහ රැජන සමඟ පැවැත්වෙන එම හමුව සඳහා ජයන්ති සිරිසේන මහත්මිය ද සහභාගි වීමට නියමිතය.ජනාධිපතිවරයා සහ ජපානයේ සිටින ශ්‍රී ලංකා ප්‍රජාව අතර හමුවක්‌ ද අද පස්‌වරුවේ පැවැත්වීමට නියමිතය. වෙළෙඳ ප්‍රජාව නියෝජනය කරන නියෝජිතයන් සමඟ ද ජනාධිපතිවරයා සාකච්ඡා පැවැත්වීමට නියමිත වේ.

ජපානයේ පිහිටි බෞද්ධ විහාරස්‌ථානවල ස්‌වාමින් වහන්සේලා සහ ජනාධිපතිවරයා අතර හමුවක්‌ ද මෙහිදී සිදුකෙරේ.ජයිකා ආයතනයේ විශේෂ නියෝජිතයන් සමඟ ජනාධිපතිවරයා පැවැත්වෙන සාකච්ඡාව ද එරට වේලාවෙන් අද පස්‌වරු පහට පමණ සිදු කෙරේ

Latest News

You may also like

Latest Videos

Hot Video

Polgahawela Train Accident | පොල්ගහවෙලදී සිදුවූ අනපේක්ෂිත දුම්රිය අනතුර

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News