Citizen.lk
 

ධීවර කටයුතු සඳහා මුහුදු ගිය ධීවරයින් තුන්දෙනෙකු අතුරුදහන්

ධීවර කටයුතු සඳහා මුහුදු ගිය ධීවරයින් තුන්දෙනෙකු අතුරුදහන් | fishermen boat
Tue 13 March 2018 11:23 am
871 views

 

ධීවර කටයුතු සඳහා මුලතිව් නයාරූ ප්‍රදේශයෙන් මුහුදු ගිය ධීවරයින් තුන්දෙනෙකු රැගත් ධීවර බෝට්ටුවක් 12 දා සිට අතුරුදහන් ව ඇතැයි මුලතිව් පොලීසිය සඳහන් කළා.

අතුරුදහන්වූවන් සෙවීමේ කටයුතු නාවික හමුදාවේ සහය ඇතිව ආරම්භ කර ඇති බව මුලතිව් පොලීසිය කියා සිටියා.

අතුරුදහන්ව ඇත්තේ හලාවත බංගදෙණිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 50ක්, 48ක් සහ 24 හැවිරිදි වියේ පසු වන පුද්ගලයින් තිදෙනෙක්ය.

මේ සම්බන්ධයෙන් අතුරුදහන් වූ ධීවරයින්ගේ පවුල්වල ඥාතීන් මුලතිව් පොලීසියට පැමිණිලි කොට ඇති අතර, නාවික හමුදාව විසින් මෙතෙක් කරන ලද පරීක්ෂණ හා මෙහෙයුම් කටයුතු වලින් අතුරුදහන් වූ ධීවරයින් තුන් දෙනා හා ඔවුන්ගේ යාත්රාව පිළිබදව තොරතුරු ලැබී නොමැත.

ත්‍රීකුණාමළය ප්‍රදේශයෙන් මුහුදු ගිය ධීවරයින් පස්දෙනෙකු 11 වෙනිදා අතුරුදහන් වූ බවට පොලීසියට තොරතුරු ලැබී තිබූ අතර ඔවුන්ව රළු මුහුදේ සැඩ පහරකට හසුවී ඉන්දීය මුහුදු සීමාවට ගොස් සිටියදී ඉන්ධීය ධීවරයින් විසින් බේරාගෙන තිබුණි.

Latest News

( 7 views)

You may also like

Latest Videos

( 34 views)

Hot Video

veteran singer prof amara ranatunga | ප්‍රවීණ සංගීතවේදී අමරා රණතුංග අභාවප්‍රාප්ත වෙයි - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News