Citizen.lk
 

අද රාත්‍රී සිට වයිබර් වෙත පිවිසීමේ අවස්ථාව - රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්

අද රාත්‍රී සිට වයිබර් වෙත පිවිසීමේ අවස්ථාව -  රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් විශේෂ නිවේදනයක්  | viber ok
Tue 13 March 2018 7:43 pm
2,136 views

වයිබර් සමාජ ජාලය වෙත පිවිසීමේ අවස්ථාව අද රාත්‍රී සිට ලබා දීමට රජය තීරණය කළ බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නීතීඥ සුදර්ශන ගුණවර්ධන මහතා නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මහනුවර ඇති වූ කළහකාරී සිදුවීම් සමඟ වට්ස්අප්, ෆේස්බුක්, වයිබර් ඇතුළු සමාජ ජාලා වෙත පිවිසීමේ අවස්ථාව ඇහිරීමට රජය පියවර ගත්තා.

නැවත සමාජ ජාල වෙත පිවිසීමට ඉඩ ප්‍රස්ථාව ලබා දීමේ මූලික පියවරක් ලෙස අද (13) රාත්‍රියේ සිට වයිබර් සමාජ ජාලය වෙත පිවිසීමේ අවස්ථාව ලබා දීමට රජය තීරණය කර ඇති බව ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිවේදනයේ දැක්වෙන්නේ.

රජය සමාජ මාධ්‍ය අවහිර කිරීමත් සමඟ සමාජ මාධ්‍ය ඔස්සේ ව්‍යාපාර පවත්වාගෙන ගිය කුඩා පරිමාණ ව්‍යාපාරිකයෝ සහ කර්මාන්තකරුවෝ රැසක් අපහසුතාවට පත්වුණා

ගෙවුණු දින කිහිපයේ සංවිධාන, මාධ්‍යවේදීන්, සිවිල් පුරවැසියන් ඇතුළු විශාල පිරිසක් මේ ගැන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කර තිබිණි.

එම නිවේදනය පහතින්

Latest News

( 6 views)

You may also like

Latest Videos

Hot Video

Lasith Malinga Speech Before Asia Cup Trophy  | ගල් උඩත් ගස් පැලවෙනවා, හැබැයි ටිකක් කල් යනවා - මාලිංග

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News