Citizen.lk
 

VPN හරහා Facebook වලට පිවිසීම නීතීවිරෝධී නෑ - විකල්ප ක්‍රම භාවිත කරමින් අන්තර්ජාලයට පිවිසෙන පුද්ගලයින් අත්අඩංගුවට ගත නොහැකියි

 VPN හරහා Facebook වලට  පිවිසීම නීතීවිරෝධී නෑ - විකල්ප ක්‍රම භාවිත කරමින් අන්තර්ජාලයට පිවිසෙන පුද්ගලයින් අත්අඩංගුවට ගත නොහැකියි | VPN users login problem to social media
Wed 14 March 2018 8:33 am
824 views

MoFacebook, Viber, WhatsApp ඇතුළු සමාජ මාධ්‍ය රජය විසින් පසුගියදා තහනම් කිරීමත් සමග ඒවා භාවිත කරන පුද්ගලයින් VPN හරහා සමාජ මාධ්‍ය වෙත පිවිසීමට පුරුදු වී තිබේ.මේ පිළිබඳව විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගෙන් මාධ්‍යවේදීන් කළ විමසීමකදී අමාත්‍යවරයා පැවසුවේ VPN භාගත කර ගැනීම තහනම් බව ය.

ඒ අනුව අප මේ පිළිබඳව ආචාර්ය නීතීඥ ප්‍රතිභා මහානාමහේවා මහතාගෙන් කළ විමසීමකදී ඔහු පැවසුවේ ශ්‍රී ලංකාවේ පවතින පරිගණක අපරාධ වැළැක්වීමේ පනත යටතේ විකල්ප ක්‍රම භාවිත කරමින් අන්තර්ජාලයට පිවිසෙන පුද්ගලයින් අත්අඩංගුවට ගත නොහැකි බව ය.

එබැවින් VPN හරහා Facebook ඇතුළු සමාජ මාධ්‍යට පිවිසි පුද්ගලයින් කිසිසේත් අත්අඩංගුවට ගත නොහැකි බව නීතීඥ ප්‍රතිභා මහානාමහේවා මහතා වැඩි දුරට ත් සඳහන් කළේය.

Latest News

You may also like

Latest Videos

Hot Video

Lasith Malinga Speech Before Asia Cup Trophy  | ගල් උඩත් ගස් පැලවෙනවා, හැබැයි ටිකක් කල් යනවා - මාලිංග

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News