Citizen.lk
Citizen News Line
 

තිසරට සද්දෙ දැම්මට නුරුල් හසන්ට තරග මුදලින් සියයට 25 ක දඩයක් - ශකීබ් අල් හසන්ටත් තවත් වරදකට දඩ - ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරයි

තිසරට සද්දෙ දැම්මට නුරුල් හසන්ට තරග මුදලින් සියයට 25 ක දඩයක් - ශකීබ් අල් හසන්ටත් තවත් වරදකට දඩ - ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරයි | bangaladesh vs sri lanka nidahas trophy
Sat 17 March 2018 4:21 pm
6,348 views

 

ශ්‍රී ලංකා කණ්ඩායම සමග ඊයේ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති තරගයේ සිදුවු සිදුවීම් සම්බන්දෙයන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ නායක ශකීබ් අල් හසන්ට සහ නුරුල් හසන්ට තරග මුදලින් සියයට 25 ක දඩයක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය පියවර ගන්නා බවයි. තවද ඔවුන්ට අප්‍රසාද ලකුණ බැගින් ද හිමිවන බව ද එම නිවේදනයේ සඳහන් වෙනවා.

2016 වසරේ සැප්තැම්බර් 22 වනදා මෙම ලකුණු ක්‍රමය හඳුන්වාදීමෙන් පසු ශකීබ් අල් හසන්ට සහ නුරුල් හසන්ට එම ලකුණු ලැබුනු පළමු අවස්ථාව මෙයයි.

ඊයේ පැවති තරඟයේ පිළිතුරු ඉනිමේ 19 වන පන්දු වාරයේදී විනිසුරු තීරණයකට එරෙහිවීමක් පිළිබඳ සිය පිතිකරුවෙකුට හතරේ සීමාවට කැඳවා උපදෙස් ලබාදීම හේතුවෙන් ශකීබ් අල් හසන්ට දඩ නියම කෙරුනා.

නුරුල් හසන්ට දඩ නියම කෙරුනේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක තිසර පෙරරොට ඇගිල්ල දිගු කර කිසිවක් කෝපයෙන් ප්‍රකාශ කිරීම හේතුවෙන්.

ඔහු එලෙස සිදු කළේ වතුර බොතලයක් ද අතැතිව සිය පිතිකරුවන් දෙදෙනාට උපදෙසක් ලබාදීමට පිටියට පිවිසි අවස්ථාවකදීයි.

මෙම දඩ මුදල් සහ අප්‍රසාද ලකුණු ලබාදීම ඔවුන් දෙදෙනා පිළිගෙන තිබෙනවා.

එබැවින් ඒ පිළිබඳ තවදුරටත් විමර්ශණ සිදු නොකෙරන බවයි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ප්‍රකාශකර ඇත්තේ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තරග තීරක කමිටුවේ සාමාජික ක්‍රිස් බෝඩ් ප්‍රකාශ කළේ ජාත්‍යන්තර මට්ටමේ තරගයකදී මෙවැනි සිදුවීම් දක්නට ලැබීම ඉතා කණගාටුදායක බවයි.

තරගය ඉතා තීරණාත්මක මෙන්ම උණසුම් මුහුණුවරක පැවති එකක් වුව ද නුරුල් හසන්ගේ සහ ශකීබ් අල් හසන්ගේ ක්‍රියාව අනුමත කළ නොහැකි බවයි ඔහු සඳහන් කර ඇත්තේ.

එමෙන්ම විනිසුරුවරුන් එම අවස්ථාවෙදී මතබේධාත්මක තත්වය වැලැක්වීමට මැදිහත් නොවුයේ නම් තත්වය මීට වඩා කණගාටුදායක වනු ඇතැයි ද ක්‍රිස් බෝඩ් සඳහන් කර තිබෙනවා.

බංග්ලාදේශ ක්‍රීඩකයන් කෙසේ හෝ ජයග්‍රහණය හිමි කර ගත්ත ද එය අප්‍රසාදජනක ජයක් බවයි ක්‍රීඩා විචාරකයන් පෙන්වා දෙන්නේ.

ජයග්‍රහණයෙන් අනතුරුව ඔවුන් සිය විවේකාගාරයේ වීදුරු බිඳ අලාභ හානි කර ඇති අයුරු ද ජාත්‍යන්තර ක්‍රීඩා මාධ්‍ය මගින් ප්‍රසිද්ධියට පත් කර තිබෙනවා.

Latest News

You may also like

Latest Videos

Hot Video

Schoolgirl, allegedly afflicted with stigmatized disease, offered national school | බොරු HIV බියක් නිසා පාසැල අහිමි වූ දැරියට ජාතික පාසලක් හිමිවෙයි

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News