බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සිය පෙම්වතිය වන මෙගන් මාකල්ගේ පවුම් මිලියන 30ක දෑවැද්ද ප්‍රතික්ශේප කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කර ඇත්තේ විවාහයේ වටිනාකම පවුම් මිලියන 30කට ඇස්තමේන්තු කළ නොහැකි බවයි.
හැරී කුමරුගේ සහොදරයා වන විලියම් කුමරු ද මෙ'ආකාරයෙන්ම ඔහුගේ බිරිඳ වන Kate Middleton විවාහ වීමේදී ඇගේ දෑවැද්ද ප්‍රතික්ශේප කර තිබෙනවා.
කෙසේ වෙතත් බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සිය පෙම්වතිය වන මෙගන් මාකල් සමග මේ වසරේ මැයි මස 19 වෙනි විවාහ වීමට නියමිතව තිබෙන අතර, විවාහය සඳහා තෝරාගෙන ඇත්තේ බර්ක්ෂයර් හි ඇති වින්ඩ්සර් මාලිගයේ පිහිටි ශාන්ත ජෝර්ජ් දේවස්ථානයයි.
එරට රාජකීයයන්ගේ විවාහ උත්සව බොහෝ විට යොදාගැනෙන්නේ සතියේ දිනවල වුවත් මෙම උත්සවය සෙනසුරාදා දිනයක යොදාගෙන තිබිමේ විශේෂයි.