Citizen.lk
 

21 වන පොදුරද මඬුලු උළෙල ආරම්භයේදීම ගැටළුවක් ! ඉන්දියානු ක්‍රීඩකයන් නවාතැන් ගෙන සිටි කාමරය අසල හමු වූ සිරින්ජර තහණම් උත්තේජකද?

 21 වන පොදුරද මඬුලු උළෙල ආරම්භයේදීම  ගැටළුවක් ! ඉන්දියානු ක්‍රීඩකයන්  නවාතැන් ගෙන සිටි කාමරය අසල හමු වූ සිරින්ජර තහණම් උත්තේජකද?   | Commonwealth Games 2018 - Goldcos
Tue 03 April 2018 6:34 am
1,184 views

පොදුරාජ්‍ය මණ්‌ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගී වන කණ්‌ඩායම් සඳහා ගෝල්ඩ්කෝස්‌ට්‌හි ඉදිකර තිබෙන ක්‍රීඩා ගම්මානයේ තිබී එන්නත් කරන ලද සිරින්ජර කිහිපයක්‌ හමුවී තිබෙන අතර එම සිරින්ජර ඩී. එන්. ඒ. පරීක්‌ෂණයන් සඳහා තහනම් උත්තේජක විශේෂඥයන් වෙත යොමු කිරීමට බලධාරීන් කටයුතු යොදා තිබේ.

ක්‍රීඩා ගම්මානය පිරිසිදු කරන සේවිකාවකට හමුවී තිබෙන මෙම සිරින්ජර ක්‍රීඩා උළෙල වෙනුවෙන් පත්කර සිටින අමාත්‍යවරයා වෙත ලබාදීමෙන් අනතුරුව මෙලෙස පරීක්‌ෂණය යොමු කෙරිණ.
යම් ක්‍රීඩකයෙක්‌ හෝ ක්‍රීඩිකාවක්‌ මේ සම්බන්ධයෙන් වැරදිකරුවෙකු වුවහොත් එම පාර්ශ්වය සහභාගී වන සියලු තරග ඉසව්වන්ගෙන් ඉවත් කිරීමට තරග සංවිධායකයන් තීරණය කර ඇත.

මෙලෙස හමුවී තිබෙන එන්නත් ඉන්දීය කණ්‌ඩායම නවාතැන්ගෙන සිටින කාමරය අසලින් හමුවී තිබෙන අතර ඉන්දියාවට අමතරව එම ගොඩනැගිල්ලේ තවත් රටවල් කිහිපයක කණ්‌ඩායම් නවාතැන්ගෙන තිබුණි. තරගාවලිය සඳහා සහභාගී වී සිටින ශ්‍රී ලංකා කණ්‌ඩායම වෙනත් ගොඩනැගිල්ලක නවාතැන්ගෙන සිටියේය.

Latest News

You may also like

Latest Videos

Hot Video

Lasith Malinga Speech Before Asia Cup Trophy  | ගල් උඩත් ගස් පැලවෙනවා, හැබැයි ටිකක් කල් යනවා - මාලිංග

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News