Citizen.lk
 

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ තවත් පදක්කමක් ලංකාවට

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ තවත් පදක්කමක් ලංකාවට |  Gold Coast 2018 Commonwealth Games
Fri 06 April 2018 5:52 pm
1,182 views

 

පිරිමි කිලෝ ග්‍රෑම් 69 බර පන්තියේ තරඟ ඉසව්වේ රිදී පදක්කම දිනාගන්නට ඉන්දික දිසානායක සමත් විය.

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දෙවෙනි දිනය වන අද (අප්‍රේල් 6) පැවැති බර ඉසිලීමේ තරඟයේ රන් පදක්කම වේල්සයේ ගැරිත් එවන්ස් හා ලෝකඩ පදක්කම ඉන්දියාවේ දීපක් ලතීර් දිනාගත්තා.

ඉන්දික විසින් ඔසවන ලද මුළු බර ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 297 ක් වන අතර ඔහුට රන් පදක්කම අහිමි වූයේ කිලෝ ග්‍රෑම් 2 ක අඩුවකිනි.

මේ වන විට ශ්‍රී ලංකාව දිනා ඇති මුළු පදක්කම් ගණන තුනකි. ඊයේ (අප්‍රේල් 5) දිනූෂා හංසනී ගෝමස්, කාන්තා කිලෝ ග්‍රෑම් 48 බර පන්තියේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වූ අතර, පිරිමි කිලෝ ග්‍රෑම් 56 බර පන්තියේ ලෝකඩ පදක්කම දිනා ගැනීමට චතුරංග ලක්මාල් ජයසූරිය සමත් විය.

21 වැනි පොදු රාජ්‍ය මණ්‌ඩලීය ක්‍රීඩා උළෙල පැවැත්වෙන්නේ ඔස්ට්‍රේලියාවේ ‘ගෝල්ඩ්කෝස්‌ට්’‌ නගරයේය.

එහි සමාරම්භක උළෙල බදාදා ( අප්‍රියෙල් 04) මහත් උත්සවාකාරයෙන් සිදු විය.

රටවල් හැත්තෑ එකක් මෙම විසිඑක් වෙනි පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළ නියෝජනය කරන අතර ඊට සහභාගී වෙන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සංඛ්‍යාව 6500 ඉක්මවයි.

ක්‍රීඩා උළෙල දින එකොළහක කාලයක් පැවැත්වෙනු ඇත.

Latest News

You may also like

Latest Videos

( 5 views)

Hot Video

  FIFA World Cup 2018 highlights  | 2018 පාපන්දු ලෝක කුසලානයේ සුවිශේෂී අවස්ථා - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News