Citizen.lk
 

රත්තරන් වලට හුවමාරු වූ සුදු හඳුන් තෙල්

රත්තරන් වලට හුවමාරු වූ සුදු හඳුන් තෙල් | sandalwood oil gold price
Tue 10 April 2018 1:10 pm
1,340 views

පොහොසත්කම තක්සේරු කරන නිර්නායකයක් ලෙස දුරාතීතයේ පටන් රත්තරන් ඉතා ප‍්‍රසිද්ධ විය. රත්තරන් ඇත්තෝ පොහොසතුන් ලෙස සමාජය ඉහළින්ම පිළිගනු ලැබීය. බොහෝ ධනවතුන් මුදල් වලට වඩා රත්තරන් ඉතිරි කිරීමට පෙළඹුණේ එහි ඇති වටිනාකම වැඩි වීමේ සුවිශේෂි ලක්ෂණය නිසාය. අතීතයේ වෙළදාමේදී රත්තරන් වලට හුවමාරු වූ සුප‍්‍රසිද්ධ වෙළද භාණ්ඩයක් වූයේ සුපිරිසිදු සුදුහඳුන් තෙල්ය. රන් පවුම් දහසක්, සුදුහඳුන් තෙල් ලීටර 200 තරම්වූ කුඩා ප‍්‍රමාණයකට හුවමාරු වීමට තරම් සුදුහඳුන් තෙල් වටිනාකමින් ඉතාම ඉහළ මට්ටමක පැවැතිණි. මෙම මාහැඟි තෙල එකල භාවිත කරනු ලැබුවේ ඉතා ශෝභමාන වූ රූපශ්‍රීයෙන් අගතැන්පත් රාජ කුමාරිකාවන් මහේෂිකාවන් සහ සමාජයේ ආකර්ෂණය දිනාගත් නර්තන ශිල්පිනියන්ය.

වර්තමානයේදී සුපිරිසිදු සුදුහඳුන් තෙල් ලීටරයක් රුපියල් ලක්ෂ දෙකක් (200,000) පමණ වන බව ඔබ දැන සිටියාද? සුදුහඳුන් තෙල් ලීටරයක මිල රත්තරන් පවුම් 4කට සමානවේ. කෙටියෙන් පැවසුවහොත් සුදුහඳුන් තෙල් ලීටරයක් මිලයට ගැනීම සඳහා රන් පවුම් 4කටත් වඩා වටිනා මුදලක් අවශ්‍යවේ. සුදුහඳුන් තෙල් ලීටරයක් රුපියල් ලක්ෂ දෙකක් (200,000). තරම් වටිනාකමෙන් අධික වීමට හේතුවන කාරණා අතරින් ප‍්‍රධානතම කාරණාව වන්නේ සුදුහඳුන් තෙල් වල අඩංගු α‐සැන්ටලෝල් සහ β‐සැන්ටලෝල් වලට ඇති සම පුදුම ලෙස පැහැපත් කිරීමේ සහ සුවපත් කිරීමේ හැකියාවයි. තවද සුදුහඳුන් ගසකින් තෙල් ලබා ගැනීමට නම් එක් ගසක් අවුරුදු 15‐20 පමණවත් වර්ධනයවී පරිණත විය යුතුය. අවුරුදු 15‐20 පමණ දීර්ඝ කාලයක් සුදුහඳුන් ගසක් තෙල් ලබා ගැනීම සඳහා වර්ධනය විය යුතු නමුත් එවැනි වර්ධනය වු ගසකින් තෙල් ලබාගත හැක්කේ 2% ‐ 5% පමණ වු ඉතා කුඩා ප‍්‍රමාණයක් වීම සුදුහඳුන් තෙල් ලීටරයක් මෙලෙස මිල අධික වීමට හේතුවන තවත් එක් කාරණාවක් වේ.

බාල තරුණ මහළු කාගේත් සමට අසීමිත ප්‍රතිලාභ රැසක් හිමිකර දෙන සුදුහඳුන් තෙල් වටිනා චිකිත්සක ගුණාංග රාශියක් පිරිපුන් මහා අනර්ඝ තෛලයකි. සම මත ඇතිවන කැසීම්, කැසීම්, රතුවීම්, දැවිල්ල වැනි ආසාත්මික ආසාත්මික තාවයන් සහ ආසාදනයන් සමනය කිරීමට සමත් මෙම මාහැඟි තෙල සමට සිසිලස එක් කරමින් එහි නැවුම් බව හා ප්‍රබෝධමත් බව ආරක්ෂා කරයි.

සම පැහැපත් කිරීමට හඳුන් තෙල් විවිධාකාරයෙන් සම මත ඇතිවන ලප කැළැල් දුරු කිරීමටත් සමෙහි අඳුරු පැහැය ඉවත් කර සම කාන්තියෙන් බැබළවීමටත් සමත්කම් දක්වයි. අත්යට කළුවීම් ඉවත් කිරීමටත්, දහදිය බිබිලි ඇතිවීම පාලනය කර සම සිසිල් කිරීමටත් සමත් මෙම අගනා තෛලය සම මත ඇති කුඩා විවර සංකෝචනය කර සමේ අධික තෙල් නිපදීම ආරක්ෂාකාරීව පාලනය කරයි. මෙම හේතුවෙන් තෙල් සහිත සමේ ඇතිවන Blackheads සහ Whiteheads ඇතිවීම පාලනය වන අතර එහි ස්වාභාවික තෙතමනකාරක ගුණය, වියළි බවෙන් තොර පිරිපුන් නිරෝගී සමක් ඔබට උරුමකරදීමට උපකාරී වේ.

Latest News

You may also like

Latest Videos

( 5 views)

Hot Video

  FIFA World Cup 2018 highlights  | 2018 පාපන්දු ලෝක කුසලානයේ සුවිශේෂී අවස්ථා - Video

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News