Citizen.lk
Citizen News Line
 

අවසන් පුර්ව තරඟයෙන් පසු අනුෂා කොඩිතුවක්කු ලෝකෙටම කිව්ව කතාව මෙන්න - Video - Update

අවසන් පුර්ව තරඟයෙන් පසු අනුෂා කොඩිතුවක්කු ලෝකෙටම කිව්ව කතාව මෙන්න - Video  - Update | anusha kodithuwakku
Wed 11 April 2018 10:20 am
569 views

 

පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ මේරි කොම් සහ අනුෂා කොඩිතුවක්කු අතර අද පැවති අවසන් පුර්ව තරගෙයෙන් අනුෂා කොඩිතුවක්කු ලෝකඩ පදක්කම දිනා ගත්තා.

ඒ, අද පැවැති අවසන් පූර්ව තරගයේදී ඔලිම්පික් ලෝකඩ පදක්කම් ලාභී වෘත්තීමය බොක්සිං ක්‍රීඩිකා මේරි කොම් සමග පැවැති තරගයේදී යී.

වැඩි දක්ෂතාවක් ප්‍රදර්ශනය කළ මේරී කොම් තරගයේ ජය තහවුරු කර ගත්තා ය.

බොක්සිං තරගවල තුන්වන ස්ථානය සඳහා තරගයක් නොපැවැත්වීම හේතුවෙන් අවසන් පූර්ව වටයේදී පරාජය වන ක්‍රීඩකයින් හා ක්‍රීඩිකාවන්ට ලෝකඩ පදක්කම හිමි වෙයි.

ඒ අනුව අනූෂා කොඩිතුවක්කු අවසන් පූර්ව වටයේදී පරාජය වුව ද ඇයට ලෝකඩ පදක්කම හිමි වනු ඇති.

ඒ අනුව අනූෂා කොඩිතුවක්කු වාර්තා අතරට එක් වන්නේ, 1950 වසරෙන් පසු මෙරට බොක්සිං ක්‍රිඩිකාවක් ශ්‍රී ලංකාවට පළමු වරට පදක්කමක් දිනා ගැනීමට සමත් වූ ක්‍රීඩිකාව ලෙස යි.


2016 දකුණු ආසියානු ක්‍රීඩා උළලේ කිලෝග්‍රෑම් 48 – 51 බර පංතියේ අවසන් තරගයේදී අනුෂා තරග වැදුණේ මේරී කොම් සමගයි.

එම තරගයේදී අනුෂා පාදයේ ආබාධයකට මුහුණ පෑමට සිදු වුණා.

 

Latest News

You may also like

Latest Videos

Hot Video

Schoolgirl, allegedly afflicted with stigmatized disease, offered national school | බොරු HIV බියක් නිසා පාසැල අහිමි වූ දැරියට ජාතික පාසලක් හිමිවෙයි

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News