Citizen.lk
Citizen News Line
 

YAMAHA ස්කූටර් පෙළට එක් වෙන, නවතම ස්කූටර් යුගය දැන් ලංකාවට

YAMAHA ස්කූටර් පෙළට එක් වෙන, නවතම ස්කූටර් යුගය දැන් ලංකාවට | yamaha Ray ZR - Dark Night  and YAMAHA Alpha
Wed 11 April 2018 11:27 am
316 views

 


ලංකාවේ ස්කූටර් ලෝලීන් අමන්දානන්දයට පත්කරමින් YAMAHA වෙතින් නවතම Yamaha Ray ZR Dark Night හා Yamaha Alpha ස්කූටර් යුගලය AMW සමාගම විසින් පසුගියදා එළි දැක්වුණා.

ලංකාවේ යතුරුපැදි කරුවන්ගේ අංක එකේ තේරීම බවට YAMAHA සන්නාමය පත් කරමින්, 1981 සිට අද දක්වා අඛණ්ඩව වසර 37 ක් YAMAHA අලෙවි නියෝජිත ලෙස AMW සමාගම පාරිභෝගික විශ්වාසය දිනාගෙන ඇත. හැම විටම පාරිහෝගික අවශ්‍යතා මැනවින් හඳුනාගනිමින් ඔවුන්ගේ උවමනාවන් මුදුන් පමුණුවාලන්නට මෙම නව ස්කූටර් යුගලය ට අනිවාර්යෙන්ම හැකියාව ලැබෙනු ඇත.

YAMAHA Ray ZR - Dark Night
Ray ZR - Dark Night ස්කූටරය, මං පෙතේ විජයග්‍රහණය සොයායන වැඩි බලයක් සහිත ස්කූටරයක් සොයන, ජවසම්පන්නත්වය හා නව ප්‍රවණතාවන් හඹායන, කාර්යශුර තාරුණ්‍ය නව මානයකට රැගෙන යන්නට Ray ZR - Dark Night ස්කූටරය, සමත් වී ඇත. ජව සම්පන්න තාරුණ්‍ය වෙනුවෙන්ම නිර්මාණය කර ඇති Ray ZR - Dark Night ස්කූටරය, air-cooled 4-stroke, SOHC, 2-valve 113cc "BLUE CORE" තාක්ෂණයෙන් සමන්විත එන්ජිමකින් බලගන්වා ඇත. ඩිස්ක් බ්‍රේක් පද්ධතිය නිසා තිරිංග යෙදීමේදී ලිසිසී යාම සහ ක්ෂණික තිරිංග ක්‍රියාත්මක කිරීමකදී හානියකින් තොරව නවතා ගැනීමට හැක. ඉදිරිපස ශක්තිමත්ව නිර්මාණය කර ඇති වියුහය නිසා වැඩි ආරක්ෂාවක් සහිතව නිපදවා ඇත. පහසුවෙන් හැසිරවිය හැකි සැහැල්ලු බර නිසා ඉතා සුමටව පැද යා හැකිවීම මෙහි ඇති සුවිශේෂිත්වයක් ලෙස පෙන්වා දිය හැක.


YAMAHA Alpha
ගෙවන මුදලට වැඩි වටිනාකමක් හිමි වන YAMAHA Alpha ස්කූටරය, ස්ත්‍රී පුරුෂ බේදයකින් තොරව පැදයා හැකි පවුලේ ස්කූටරය ලෙස විශේෂයෙන් හඳුන්වා දී ඇත. YAMAHA Alpha ස්කූටරය ඉන්ධන වියදම පිළිබඳව වැඩිපුර සිතන පාරිභෝගිකයන් හට අස්වැසිල්ලක් වනු ඇත. පවුලේ සුබ සිද්දිය හා පහසුව වෙනුවෙන් කැපවූ ආදරණීය ස්වාමිපුරුෂයාගේත් ආදරණීය බිරිඳගේත් එදිනෙදා වැඩ කටයුතු නිදහසේ කරගෙන යන්නට උරදෙන පවුලේ ස්කුටරය ලෙස YAMAHA Alpha පෙන්වා දිය හැක. මනබඳින Radiant Cyan, Marvel Black වර්ණයන්ගෙන් ඔබවෙත එන YAMAHA Alpha ස්කූටරය air-cooled 4-stroke, SOHC, 2-valve 113cc "BLUE CORE" තාක්ෂණයෙන් සමන්විත එන්ජිමකින් බලගන්වා ඇත. ආකර්ෂණීය ඩිජිටල් මීටර් පද්ධතිය නිසා YAMAHA Alpha ස්කූටරයේ ආකර්ෂණය තවත් තීව% කරන්නට සමත්වී ඇත. ඩිස්ක් බ්‍රේක් පද්ධතිය නිසා ආරක්ෂාකාරීව නවතා ගැනීමට හැකි වීමත්, Telephonic Suspension පද්ධතිය නිසාත්, සැප පහසු බවින් ඉදිරියෙන් තැබිය හැකිය. විශාල පා පුවරුව හා ඉතා ඉක්මනින් පොලව මත පාදය රැදවීමට හැකි ලෙස නිර්මාණය කර තිබීම නිසා අනතුරු අවම කර ගැනීමට හැකියාව ඇත. වැඩි ඉඩකඩ ඇති ආසනය හා ආසනය යට භාණ්ඩ ගෙන යා හැකි අවකාශය විශාල වීම නිසා එදිනෙදා පවුලේ ගමන් බිමන් වල ලෙන්ගතු ගමන් සඟයා YAMAHA Alpha ස්කූටරය AMW සමාගම වෙතින් ඔබ වෙත ඉදිරිපත් කර ඇත.

දශක හතකට ආසන්න කාල වකවානුවක් පුරාවට • ලංකාවේ රථවාහන වෙළඳපොලේ විශ්වාසනීය නාමය බවට පත් වූ AMW ආයතනය, මෙරට පාරිභෝගිකයන් වෙත හැම විට ප්‍රමිතියෙන් උසස් ගුණාත්මක නිෂ්පාදන දැරිය හැකි මිලකට ලබාදෙන්නට උත්සහ කරන සමාගමකි. අතීතයේ සිට වර්තමානය දක්වා මෙරට ජිවත්වන බහුතර කුටුම්බයන් වෙත සාධනීය බලපෑමක් ඇති කිරීමට AMW සමාගමට හැකියාව ලැබී ඇත. සමස්ත කුටුම්බය තුළ සුවිශේෂී මෙහෙවරක නියැලෙන පිරිමි හා කාන්තා පාර්ශවය වෙනුවෙන් හා ඔවුන්ගේ ලබැඳියන් වෙනුවෙන් YAMAHA Alpha ස්කුටරයත්, මං පෙතේ විජයග්‍රහණය සොයායන තාරුණ්‍යය නව මානයකට රැගෙන යන YAMAHA Ray ZR - Dark Night ස්කූටරය හඳුන්වාදෙන බව, එම අවස්ථාවට එක්වූ YAMAHA අලෙවි ප්‍රධානී සහරාන් මහතා අදහස් දක්වමින් කියා සිටියේය.

Latest News

You may also like

Latest Videos

Hot Video

Schoolgirl, allegedly afflicted with stigmatized disease, offered national school | බොරු HIV බියක් නිසා පාසැල අහිමි වූ දැරියට ජාතික පාසලක් හිමිවෙයි

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News