Citizen.lk
 

පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේ ක්‍රීඩකයින් 8 අතුරුදන් - ක්‍රීඩා ඉසව්වලටවත් සහභාගී වී නෑ

පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලේ ක්‍රීඩකයින් 8 අතුරුදන් - ක්‍රීඩා ඉසව්වලටවත් සහභාගී වී නෑ | joining eight missing members from Team Cameroon
Thu 12 April 2018 9:31 am
766 views

 

පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලට කැමරූන් දේශයෙන් පැමිණි ක්‍රීඩකයින් 8 දෙනකු ක්‍රීඩා ගම්මානයෙන් අතුරුදන් වී තිබෙනවා.

ඔවුන් ඕස්ට්‍රේලියාවේ නීති විරෝධී ලෙස නතර වීමේ අරමුණෙන් පැනගොස් ඇති බවටයි සැක කරන්නේ.

මෙලෙස අතුරුදන් වී ඇත්තේ ක්‍රීඩකයින් 6 දෙනකු සහ ක්‍රීඩිකාවන් දෙදෙනකු බවයි වාර්තා වන්නේ.

ඔවුන් බොක්සිං සහ බර ඉසිලීමේ ඉසව් නියෝජනය කල ක්‍රීඩක ක්‍රීඩිකාවන් බව කැමරූන් කණ්ඩායම් ප්‍රධානියා හෙළිකර තිබෙනවා.

අතුරුදන්වුවන්ට ඕස්ට්‍රේලියාවේ රැඳී සිටීම සඳහා ලැබී ඇති වීසා බලපත්‍ර වලංගු වන්නේ ලබන 15 වනදා දක්වා පමණක් බව සඳහන්.

එමෙන්ම මෙලෙස අතුරුදන්වූවන්ගෙන් පිරිසක් තවමත් ඔවුන්ගේ ක්‍රීඩා ඉසව්වලට ද ඉදිරිපත් වී නැහැ.

අතුරුදන්වුවන් පිළිබඳ විමර්ශණයක් සිදු කරන බව පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා සංගමය ප්‍රකාශකර තිබෙනවා.

අතුරුදන්වූවන් සොයා පොලිස් මෙහෙයුම් ද ආරම්භ කර ඇතැයි සඳහන්.

කෙසේවෙතත් ඔවුන්ට ලැබී ඇති වීසා අනුව රට තුල ඕනෑම තැනක ගමන් කිරීමට අවස්ථාව පවතින බවයි ඔවුන් පෙන්වාදී ඇත්තේ.

2012 වසරේදී ලන්ඩන් ඔලිම්පික් තරගාවලිය අතර ද කැමරූන් ක්‍රීඩකයන් 7 දෙනෙකු අතුරුදන්වුනා.

Latest News

You may also like

Latest Videos

Hot Video

Lasith Malinga Speech Before Asia Cup Trophy  | ගල් උඩත් ගස් පැලවෙනවා, හැබැයි ටිකක් කල් යනවා - මාලිංග

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News