Citizen.lk
 

රුහුණු කතරගම දේවාලයේ බස්නායක නිලමේ ධූරය සඳහා ආදී ආනන්දියෙක්

රුහුණු කතරගම දේවාලයේ බස්නායක නිලමේ ධූරය සඳහා ආදී ආනන්දියෙක් |  appointed Dilruwan Rajapakse to act in Basnayake Nilame of the Ruhunu Kataragama Maha Devalaya
Fri 13 April 2018 11:32 am
1,731 views

 

රුහුණු කතරගම දේවාලයේ වැඩ බලන බස්නායක නිලමේ තනතුරට සුප්‍රකට පරිසරවේදියකු හා ව්‍යාපාරිකයකු වන ආදි ආනන්දීය සීතක දිල්රුවන් රාජපක්ෂය මහතා පත් කර තිබෙනවා.

බස්නායක නිලමේ ධූරය හෙබවූ ඩී.පී.කුමාරගේ මහතාගේ එම ධූරය පසුගිය දා තාවකාලිකව අත්හිටු වීමෙන් පසුව මෙම බස්නායක නිලමේ තනතුර පුරප්පාඩුව පැවතියා.

රුහුණු කතරගම දේවාලයේ බස්නායක නිලමේවරයා වරයා සම්බන්ධයෙන් එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් ද මේ වන විට පැවැත්වෙනවා.

කෙසේ වෙතත් මාධ්‍යට අදහස් දක්වමින් නව වැඩ බලන බස්නායක නිලමේ සීතක දිල්රුවන් රාජපක්ෂය මහතා කියා සිටියේ දෙස් විදෙස් ජනතාවගේ පූජනීය සිද්ධස්ථානයක් වන රුහුණු කතරගම දෙවොලයේ දැනට පවතින ගැටළු නිරාකරණය කර, පෞද්ගලික පරමාර්තථයෙන් තොරව පිරිසිඳු පාලන ක්‍රමයක් යටතේ සේවය කිරීමට තම සම්පූර්ණ කාලය ධනය හා ශ්‍රමය වැය කිරීමට සූදානම් බවයි.

එමෙන්ම මෙම දෙවොලය වැඩිදියුණු කිරීම හා සංවර්ධනය කිරීම තම ඒකායන ප්‍රාර්ථනය වන බවද ඔහු වැඩිදුරටත් කියා සිටියා.

Latest News

You may also like

Latest Videos

Hot Video

Polgahawela Train Accident | පොල්ගහවෙලදී සිදුවූ අනපේක්ෂිත දුම්රිය අනතුර

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News