Citizen.lk
 

ගාල්ල මුහුදෙන් හමු වූ පිළිමය ගැන ඇත්ත නැත්ත හෙළිවෙයි - Photos

ගාල්ල  මුහුදෙන් හමු වූ පිළිමය ගැන ඇත්ත  නැත්ත හෙළිවෙයි  - Photos  | Ancient statue in fort Galle coral reef is a fake story
Tue 17 April 2018 12:41 pm
1,159 views

ගාල්ල කොටුව ආසන්න මුහුදේ ගිලී තිබී හමුවූ කිලෝ 40 කට වැඩි බරක් සහිත පිළිමය ගැන මේ වන විට ආන්දොලාන්මක කතා බහට ලක් වී තිබෙනවා. ගාල්ල කොටුව ආසන්න මුහුදේ කොරල්පර නැරඹීමට පැමිණෙන කරාපිටිය ජස්ටින්කන්ද ප්‍රදේශයේ තරුණයින් දෙදෙනකුට මෙම පිළිමය පසුගිය දිනක හමුවී තිබුණා

මෙම පිළිමය පෞරාණික වටිනාකමකින් යුක්ත බව ඇතැමුන් පැවසූවත් එය අසත්‍යයක් බව මීට පෙර ගාල්ල කොටුව මුහුදු තීරයේ කිමිඳුන කිම්දුකරුවෙකු විසින් අදාළ පිළිමය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ඡායාරූප කිහිපයක්ද සමඟ සිය ෆේස්බුක් ගිණුමේ සඳහන් කර තිබුනා

මෙම පිළිමය ගාල්ල කොටුව ප්‍රදේශයේ කලා කෘති විකුණන පුද්ගලයෙකු විසින් ව්‍යාපාරික අරමුණකින් මුහුදට දමා ඇති බව එම ෆේස් බුක් සටහනේ  එම තරුණයා සඳහන් කර තිබුනා.

මෙම පිළිමය පෞරාණික වස්තුවක් විය නොහැකි යැයි සේවා සම්මානිත ඉතිහාස හා පුරාවිද්‍යා මහාචාර්ය ටී.ජී.කුලතුංග මහතාද පෙන්වා තිබෙනවා. පිළිමය පිළිබඳව ආන්දොලනාත්මක කතා බහකට තුඩු දුන් තරුණයා දැමූ ෆේස් බුක් සටහනයි මේ.....

Ancient statue in fort Galle coral reef is a fake story. ( තාරා දේවි)
ගාලු කොටුවේ කොරල් පරය තුල මා නොගිය තැනක් නැති තරම් . ඔය පිළිමය මාස ගණනක් ඔතන තිබනා. ඔය පිළිමය ඔතනට ගෙනිහින් දැම්මේ ගාලු කොටුවේ කලා කෘති විකුණන කළා කරුවෙකු විසිනුයි . මම මේ පිළිමය දැකපු හැටියේම එය එය එතනට ගෙනත් දැමුයේ කවුදැයි සොයා මෙයට තදින් විරුද්ධ වුනා. එපමණක් නොවෙයි මෙවැනි ජනතාව රැවටීමක්ද සිදු විය හැකි බව මා ඔහුට ප්‍රකාශ කර සිටියා. නමුත් ඔහු එය පිළිගත්තේ නැහැ . කොරල් පරය තුල පිළිම තබා පැරණි පෙනුමක් ලබා දීම සහ ව්‍යාපාර ගත කිරිම ඔහුගේ මතුපිට අරමුණ වුවත් ඉන් සිදු විය හැකි සමාජීය සහ පාරිසරික ප්‍රශ්න බොහෝ විය හැකියි . මෙම පිළිමය මා දකින විට ගත් චායා රුපයක් මගේ මුහුණු පොතෙන් බලා ගත හැකියි. හිමි කරු පවසූ ලෙස මෙය මෑතකදී සිමෙන්ති වලින් කල එකක්. . මාගේ ම්තුරෙකු වුවද ඔහු ගැන මා හට සම්පූර්ණ විශ්වාසයක් නොමැති බැවින් පිළිමයේ සැබැ නිමවීම ගැන මට අවබෝ ධයක් නැහැ . කෙසේ නමුත් මෙය නැවකින් වැටුණු හෝ දෙවියන් විසින් ගෙනත් දැමුණු එකක් නෙවෙයි

Latest News

You may also like

Latest Videos

Hot Video

Alert meeting 2018 11 18 | සර්ව පාක්ෂික හමුවේදී ජනාධිපති සිදුකළ විශේෂ ප්‍රකාශය

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News