Citizen.lk
Citizen News Line
 

1997 දී කවියෙකු වූ තම පියා විසින් කවියෙන්ම ලියූ දින පොත ප්‍රසිද්ධ කරන අපූරු පුතා

1997 දී කවියෙකු වූ තම පියා විසින් කවියෙන්ම ලියූ දින පොත ප්‍රසිද්ධ කරන අපූරු පුතා | nanda udawela diary
Tue 17 April 2018 3:59 pm
1,020 views

 

කවියෙක් කියන්නේ ජීවිතේ බෝහෝ තැන් සුන්දරව දකින, ඒ වගෙම ඒ අත්දැකීම සුන්දරව තවත් කෙනෙකුට කියන්න පුළුවන් නිර්මාණ කරුවෙක්. මාදම්පේ වලව්කඩේ පාළුගංගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි නන්ද උඩවෙල කවියාත් මෙවන් සුන්දර කවි ලියන්නෙක් ඒ වගේම හිටවන කවි ගායකයෙක්.

70 දශකයේ කවි නිර්මාණ ශිල්පියෙකු වන නන්ද උඩවෙල කවියා 1997 දී තම දිනපොතේ ලියු කවි මේ දින වල ඔහුගේ බාල පුතුනුවන් වන ප්‍රජීත් කේ උඩවෙල facebook සමාජ ජාල මාධ්‍ය ඔස්සේ මුදා හැර තිබෙනවා. මෙහි ඇති විශේෂත්වය වෙන්නේ සෑම දිනයකම සිදු වූ එදිනෙදා සිදුවීම් ඉතා අලංකාර ලෙස කවියට නගා තිබීමයි.

තම පවුල් ජීවිතය ඉතා සරළව අව්‍යාජ ලෙස කවියට නගා ඇති උඩවෙල කවියාගේ එම කවි කියවන විට ඕනෑම අයෙකු සංවේදී වන්නේ නිතැතින්මයි. ආදරනීය පියෙකුගේ හද පත්ලෙන්ම නැගෙන දරු සෙනෙහස, පවුලේ වගකීම් සම්භාරය මෙන්ම එවක ජන සමාජයේ ඉතා වැදගත් සියුම් ස්ථාන ඔහු කවියෙන් ස්පර්ශ කර ඇති අයුරු අනර්ඝයි.

තම පියානන්ගේ නිර්මාණ රහසේම වැලලෙන්නට ඉඩ නොදී ප්‍රජීත් කේ උඩුවෙල විසින් දින පතා මෙම කවි අදාල මාසයට අදාල දිනයට පළ කරණු ලබනවා.

ඒ තම පියාගේ නමින් සැකසුනු විශේෂ Facebook පිටුවක් මගින්.

Facebook පිටුවට මෙතනින් පිවිසෙන්න


පහත දැක්වෙන්නේ එවන් කවි කිහිපයක්.

Latest News

You may also like

Latest Videos

Hot Video

Schoolgirl, allegedly afflicted with stigmatized disease, offered national school | බොරු HIV බියක් නිසා පාසැල අහිමි වූ දැරියට ජාතික පාසලක් හිමිවෙයි

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News