Citizen.lk
 

අත්තනගල්ලේ සංගීත ප්‍රසංගය මරණයකින් අවසන් වෙයි

  අත්තනගල්ලේ සංගීත ප්‍රසංගය මරණයකින් අවසන් වෙයි |  One killed, four injured in Attanagalle musical show shooting
Sun 22 April 2018 10:39 am
397 views

නිට්ටඹුව - අත්තනගල්ල ප‍්‍රදේශයේ සිදුවූ වෙඩි තැබිමකින් පුද්ගලයෙක් මියගොස් තවත් හතර දෙනෙකු තුවාල ලබා තිබෙනවා. අවුරුදු උත්සවයකින් අනතුරුව ඊයේ (21) රාත්‍රියේ පැවැති සංගීත සන්දර්ශනයක් අතරතුරදී මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි පොලීසිය පවසන්නේ

වෙඩි තැබීම සිදුකළ පුද්ගලයන් මෙතෙක් හදුනාගෙන නැහැ. මියගොස් ඇත්තේ භෙයියන්තුඩුව ප‍්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි පුද්ගලයෙක්. තුවාල ලැබූ පුද්ගලයන් වතුපිටිවල රෝහලේ ප‍්‍රතිකාර ලබනවා. ඒ අතර කාන්තාවක් ද සිටින බවයි රෝහල් වාර්තා සඳහන් කළේ. වෙඩි තැබිමට හේතුව මෙතෙක් භෙළිව නැහැ. නිට්ටඹුව පොලිසියයි වැඩිදුර පරික්ෂණ සිදුකරන්නේ.

Latest News

You may also like

Latest Videos

Hot Video

Polgahawela Train Accident | පොල්ගහවෙලදී සිදුවූ අනපේක්ෂිත දුම්රිය අනතුර

Citizen of the Week

Citizen.lk - Citizen Of The Week With Popular Writer Saman Edirimunee | සිඳු, දෙවන ඉණිම නාටකයන් ඔබේ හදවතට සමීප කළ තිරය පිටුපස සැඟවුණු මැවුම්කරුවා - සමන් එදිරිමුණිගේ කතාව - Exclusive Video

Popular News